රග්බි ක්‍රීඩකයන්ගේ ජීවිකාවට ‘රතුකාඩ්’

[vc_row][vc_column][vc_column_text]කොරෝනා වයිරස තත්ත්වය හමුවේ ඇතිවී තිබෙන තත්ත්වය මත මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සේවා ආයතන කිහිපයක්ම රග්බි ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් අවසන් කිරීමට තීරණය කර ඇති බව ‘අරුණ’ ට වාර්තා වේ.

බහුතරයක් රග්බි ක්‍රීඩා සමාජ මගින්ද ක්‍රීඩකයන් වෙත වැටුප් නොගෙවන සමයක මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදුවීම කනගාටුදායක කාරණයක් බව රග්බි ක්‍රීඩකයෝ පවසති.

ඇතැම් වෙළෙඳ සේවා ආයතන විසින් රග්බි ක්‍රීඩාවෙන් ඉවත්ව පූර්ණකාලීනව රැකියාව කරන්නේ නම් රැකියාවේ සුරක්ෂිතභාවයක් පවතින බැව් එම ක්‍රීඩකයන් හමුවේ පවසා තිබේ. ඒ හේතුවෙන් බහුතරයක් ක්‍රීඩකයන් රග්බි ක්‍රීඩාව අතහැර පූර්ණකාලීනව රැකියාවේ නිරත වීමේ අදහසින් පසුවන බවද වැඩිදුරටත් වාර්තා විය.

රට වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සහ පූර්ණකාලීනව ක්‍රීඩාවේ නිරත ක්‍රීඩකයන්ට මේ නිසා මුහුණදීමට සිදුව ඇති තත්ත්වයට වගකියන්නේ කවුරුන්ද යන පැනය මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික රග්බි පිල නියෝජනය කළ ක්‍රීඩකයෙක් “අපේ බහුතරයක් ක්‍රීඩකයන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ. එහෙම නැත්නම් හැමෝම වෘත්තීය මට්ටමෙන් රග්බි ගැහුවේ. ඒ හැමෝම කෑවේ ඇන්දේ රග්බි ගහලා හොයපු සල්ලිවලින්. දැන් සමහර ක්ලබ්වලින් ගෙවන්නේ නැහැ. සමහරක් ඒවා ගෙවන්නේ වැටුපෙන් කොටසයි. මේ දවස්වල ඒ මොකුත් නැතුව බහුතරයක් ක්‍රීඩකයන් ඉන්නේ ආර්ථික අපහසුතාවකින්. මේ නිසා ගොඩක් ක්‍රීඩකයන් රග්බි අතහැරලා ජොබ් කරන්න හිතාගෙන ඉන්නේ’’ යි යනුවෙන් කියා සිටියේය.

අදාළ කාරණාව සම්බන්ධයෙන් ක්‍රීඩකයන් වෙනුවෙන් සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි නායක දන්ෂ ඩයාන්ද “රට වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට මෙවැනි අසාධාරණයක් සිදුවෙද්දී ක්‍රීඩකයන්ව බලාගන්නේ කවුරුන්ද?’’ යනුවෙන් ප්‍රශ්න කර තිබිණි.

 

By ගයාශාන් විතානආරච්චි – අරුණ[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top