ලංකා T10 සුපර් ලීගයේ ක්‍රීඩක කෙටුම්පතට දින නියම වෙයි

පළමු වරට පැවැත්වෙන ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළඹෙන නොවැම්බර් මස 10වනදා පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය දෙසැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියේ දී එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයන් 17 දෙනෙකු ද අවම ක්‍රීඩකයන් 15 දෙනෙකුද ඇතුළත් කරගැනීමේ හැකියාව ඇත.

නොවැම්බර් 5 වනදා වන විට සියලු කණ්ඩායම් ඍජුව ක්‍රීඩකයන් සමගින් ගිවිසුම් ගතවිය යුතු වන අතර ඊට ක්‍රීඩකයන් 6 දෙනෙකු ඇතුළත් විය යුතුය. ක්‍රීඩක කෙටුම්පත අදියර 11කින් සමන්විතය.

පළමු වට දෙකේ දී ඩොලර් 35000 වටිනාකමට එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සහ විදෙස් ක්‍රීඩකයෙක් තෝරාගත හැක. තෙවන සහ සිව්වන වට වලදී ඩොලර් 20000 කාණ්ඩයෙන් එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සහ විදෙස් ක්‍රීඩකයෙක් තෝරා ගත හැක.

පස්වන වටයේ සිට හත්වන වටය දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු සහ එක් විදෙස් ක්‍රීඩකයෙකු ඩොලර් 10000 කාණ්ඩයෙන් මිළට ගත හැක. අටවන වටයේදී නැගී එන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ද නවවන වටයේදී බටහිර ඉන්දීය කොදෙව් හෝ සිම්බාබ්වේ රටවලින් නැගී එන ක්‍රීඩකයෙක්ද තෝරා ගත හැක.

Back To Top