[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2019 වසරේදී එක්දින ක්‍රිකට් පිටියටත්, පසුගිය වසරේදී T20 පිටියටත් සමුදුන්නා. නමුත් ඔහු තවමත් ජාත්‍යන්තර T20 පිටියට සමුදී නැහැ.
මේ වසරේදී T20 ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර ලෝක කුසලානයට මාලිංග සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳ මේ දිනවල ක්‍රිකට් පිටිය තුළ නිරන්තරයෙන් සාකච්ඡා වන කරුණක්.
කෙසේ නමුත් මාලිංගට නැවත කණ්ඩායමට පැමිණීමට තියෙන ඉඩ ප්‍රස්ථාව පිළිබඳ පසුගියදා තේරීම කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදහස් දක්වනු ලැබුවා.
ඒ අද දෙරණ Straight Drive විශේෂාංගයට එක් වෙමින් ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක රොශාන් අබේසිංහ මහතා යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
ප්‍රමෝද්‍ය මාලිංග පිළිබඳ දැක්වූ අදහස්
ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත ක්‍රීඩා කරනවා නම් අනිවාර්යෙන්ම ඔහු අපි දැනට හඳුන්වා දීලා තියෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් විය යුතුමයි. මාලිංග නෙමේ ඕනම ක්‍රීඩකයෙක් ඒ අවශ්‍ය කරන පරීක්ෂණවලින් සමත් නම් විතරයි අපි තරඟ වලට යොදාගෙන්නේ.
විශේෂයෙන්ම අපේ දැනට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා කිලෝමීටර් 2ක් විනාඩි 8යි තත්ත්පර 35කින් දුවලා ඉවර කරන්න අවශ්‍ය. මේ පරීක්ෂණ සමත් වනවා නම් විතරයි ක්‍රීඩකයෙක් ට ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන්න පුළුවන් කියලා අපි ප්‍රතිපත්ති අරගෙන ඇවිල්ල තියනවා.
ලසිත් මාලිංග කියන්නේ ලෝකෙ ඉන්න අංක එකේ T20 ක්‍රීඩකයෙක්. ඒවගේම ඔහු තවමත් ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියෙන් සමුගෙන නැහැ.
අපි ලසිත් මාලිංගව හමුවුණා. අපි මාලිංගට කිව්වා කණ්ඩායමට එනවනම් අනිවාර්යෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් විය යුතුයි කියලා.
ඒ වගේම අපි ඔහුට පැහැදිලි කරා ඔහු වසර එකහමාරක් වගේ කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කරලා නැති නිසා දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ යුතුයි කියලා ඔහු කණ්ඩායමට තෝරා ගැනීම වෙනුවෙන් සලකා බැලීමට.
විශේෂයෙන්ම අපි මාලිංගට කිව්වා අපිට නවක වේග පන්දු යවන්නන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා. මොකද අපිට දැන් සිටින වේග පන්දු යවන්නන් සියලුම දෙනා වගේ තරමක් වයසින් වැඩී. ඒ නිසා අපි ඉදිරියේදී නවක වේග වේගපන්දු යවන්නන්ට අවධානයක් යොමු කරනවා.
මාලිංගව කණ්ඩායමට එකතු කරගන්නවා නම් ඒ පිළිබඳවත් සලකා බැලීමක් කරලා තමයි එකතු කරගන්නේ කියලා අපි මාලිංගට පැහැදිලි කළා.
මාලිංග මේ සියලුම දේවල් සමග එකඟ වුණා. ඊට අමතරව ඔහු ක්‍රිකට් සම්බන්ධ බොහෝ දේවල් අපි සමග සාකච්ඡා කළා. ඉතින් ලසිත් මාලිංග දන්නව ලසිත් මාලිංගට නැවත කණ්ඩායමට එන්න අවශ්‍ය නම් ඔහු සිදු කළ යුත්තේ කුමක්ද කියලා.
මේ ආකාරයෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මාලිංග නැවත කණ්ඩායමට ක්‍රීඩා කරනවද කරනවා ද නැති ද යන්න පිළිබඳව අදහස් ප්‍රකාශ කර සිටියා.[/vc_column_text][/vc_column][/vc_row]