ලසිත් මාලිංග ගේ මාරතා ඇරබියන්ස් පළමු ජය වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]T10 ලීග් තරඟාවලියේ තෙවන දිනයේ 9 වන තරඟය අද දින මාරතා ඇරබියන්ස් සහ ක්වැල්නඩර්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම්අතර පැවති අතර තරඟයෙන් ලකුණු 67ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ක්වැල්නඩර්ස් කණ්ඩායම එක් තරඟයක් ජයග්‍රහණය කල අතර දෙවන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වූ අතර මෙයඔවුන්ගේ ප්‍රථම පරාජය විය.

අබුඩාබි ශේයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ක්වැල්නඩර්ස් කණ්ඩායමේ නායක ඩේවිඩ් මාලන්ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේය.

ආරාධනය පිලිගෙන ලකුණු රැස් කිරිමට ආරම්භ කල මාරතා ඇරබියන්ස් පිල පන්දුවාර දහය තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 108ක් රැස්කලේය.

අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීම සඳහා පිතිකරණ ලැයිස්තුවේ පිතිකරුවන් කිහිප දෙනෙක්ම තම දායකත්වය ලබා දුන්අතර ආරම්භක පිතිකරු යුගල වූ ඇඩම් ලියිත් සහ ක්‍රිස් ලයන් පිලිවෙලින් ලකුණු 21ක් සහ 20ක් රැස් කලේය.

යුවරාජ් සිංට රැස් කරගත හැකි වූයේ ලකුණු 14ක් පමනි.

ක්වැල්නඩර්ස් පිලේ ශ්‍රී ලාංකික නියෝජනය වූ දසුන් ශානක ලකුණු 16ක් රැස් කරද්දී වනිදු හසරංග හට රැස් කරගත හැකි වූයේ ලකුණු 3ක්පමණි.

තරඟාවලියේ දෙවන තරඟ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ලකුණු 109ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ක්වැල්නඩර්ස් පිලටආරම්භයේ සිටම රිසි සේ ලකුණු රැස් කිරීමට මරාතා ඇරබියන්ස් පිලේ මිචෙල් මැක්ගලේහන්, ලසිත් මාලිංග ප්‍රමුඛ පන්දු යවනන් වගබලාගත් අතර පන්දුවාර 10 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 60ක් පමණි.

මෙය තරඟාවලියේ පන්දුවාර 10කට මුහුණ දුන් කණ්ඩායමක් රැස් කරගත් අඩුම ලකුණු ප්‍රමාණය විය.

නායක ඩේවිඩ් මාලන් පන්දු 25කදී ලකුණු 32ක් රැස් කල අතර කණ්ඩාමේ එකම සාර්ථක පිතිකරු ඔහු විය.

ලුක් රොන්චි ලකුණු නොලබා දැවී යද්දී සික්කුගේ ප්‍රසන්නගේ ඉනිම ලකුණු 5කට සීමා විය.

ලසිත් මාලිංග, වනිදු හසරංග කඩුලු ලබා නොගත්තද ඉතා හොඳ පන්දු යැවීමක නිරත වූ අතර මිචෙල් මැක්ලහන් කඩුලු දෙකක් දවාගත්අතර තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මූලික වටයේ තරඟ පවතින අවසන් දෙනය වන හෙට දින තරඟ තුනක් පැවත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top