පුහුණුවීම් අතරතුර ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්රීඩක ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට එක් කොට ඇත. ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් කළමණාකාරීත්වය විසින් ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඒ සදහා අවසර ඉල්ලීමක් කළ අතර ICC තාක්ෂණ කමිටුව එය අනුමත කොට ඇත.
පූනේහිදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරමින් සිටියදී ලහිරු කුමාර ආබාධයට ලක් වී ඇත. චතුර්මුර්ධක (Quadricep) මාංශපේශි ආශ්රිතව ඇතිවූ මෙම ආබාධය හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග මගහැරෙනු ඇත. ලහිරු කුමාර එංගලන්තයට එරෙහිව පැවති තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබූයේ ලකුණු 35කට කඩුලු 3ක් ද දවාගනිමිනි.