ලොව වේගවත්ම ක්‍රීඩා පාවහන් සන්නාමයක් ලෙසින් සැලකෙන Brooks පාවහන් නිළ වශයෙන් මෙරට ට හදුන්වා දීම ඊයේ දිනයේ දී සිදු කෙරිණි. විද්‍යාත්මක තාක්ෂණය අතින් ගත්කළ අනෙකුත් ක්‍රීඩා පාවහන් වලට සාපේක්ෂව ඉදිරියෙන් රැදී සිටින මෙම Brooks පාවහන් පිළිබඳව ප්‍රවර්ධකයන් සදහන් කළේ Brooks පාවහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උපරිම වේගය, නවෝත්පාදනය හා කඩිසරකමේ උපරමය බවයි.
බෲක්ස් පාවහන් ශ්‍රී ලංකා වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමිකර කරුණාරත්න විසින් ප්‍රචලිත කරනු ලබන අතර Asriel Holdings විසින් එම නිෂ්පාදන මෙරට දී අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිත ය. එම නිෂ්පාදන එළඹෙන මාර්තු මාසය පමණ වන විට මෙරට දී ලබාගැනීමට අවශ්‍ය මෙහෙයුම් කටයුතු සිදු කරන බව Asriel Holdings සමාගම සදහන් කොට ඇත.
” මම මුලින්ම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තම මගේ පාවහන් ගැන වැඩිය හිතුවේ නෑ. නමුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර අනුව මම තීරණය කළා Brooks සපත්තු අත්හදා බලන්න.” යනුවෙන් චාමික කරුණාරත්න එම උත්සවයේදී අදහස් පළකොට ඇත.