ලෝක කුසලාන ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

[vc_row][vc_column][vc_column_text]මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අනෙක් කණ්ඩායම් 9 හා සසඳන විට ලෝක ශූරයන් බවට පත්වන්නට ඉන්දියාවට වැඩි අවස්ථාවක් පවතින බව හිටපු ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සදහන් කොට ඇත. ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩාංගණ තුළදී ක්‍රීඩා කිරීම මෙලෙසින් නම් කිරීමට හේතුව බව මුරලිදරන් සදහන් කොට ඇත

මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ මසකට අඩු කාලයකි. ඔක්තෝබර් මස 5 වනදා සිට නොවැම්බර් මස 19 වනදා තෙක් පැවැත්වෙන තරගාවලියට තරගාවලිය තරග 48කින් සමන්විත වෙයි. ලොව අංක එකේ එක්දින කණ්ඩායම වන පාකිස්තානය, පස්වරක් ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්ම පසුගිය වර ශූරයන් වූ එංගලන්තයද මෙවර තරගාවලිය වෙනුවෙන් මනා සූදානමකින් පසුවෙයි.

” අපේ තත්වයන් වලදී ආසියානු කණ්ඩායම් එංගලන්තය හා ඕස්ට්‍රේලියාවට වඩා හොදින් දස්කම් දක්වනවා. ඔබ ක්‍රීඩා කරන්නෙ ඉන්දියාව තුළ නැතුව එංගලන්තයේ හෝ නවසීලන්තයේ නෙවේ. පසුගිය වර එංගලන්තය ජයග්‍රහණය කළේ ඔවුන්ගේ භූමියේදී. ඉන්දියාවට හා පාකිස්තානයට ලොකු අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකාවත් හොදින් ක්‍රීඩා කරනවා. ඒ වගේම බංග්ලාදේශයත්. ආසියානු රටවලට ලොකු අවස්ථාවක් තියෙනවා.”

” හැම කණ්ඩායමේම දුර්වලතා හා ශක්තීන් තියෙනවා. Knockout වලට එනකල් කාටවත් Predict කරන්න අමාරුයි. ඔක්කොම කණ්ඩායම් හොදයි. ඒත් ඉන්දියාවට ලොකු අවස්ථාවක් තියෙනවා මොකද ඔවුන් ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේම ක්‍රීඩාංගණ තුළ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top