වනිදු සති 6 ක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති 2 වැනි 20 යි 20 තරගයේදී ආබාධයනට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට සහ කුසල් ජනිත් පෙරේරාට තාවකාලිකව ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වාර්තා වනවා.

කුසල් පෙරේරාගේ අතෙහි ආබාධය එතරම් බරපතල නොවන අතර ඔහුට තවත් සති දෙකක් පමණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. නමුත් යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට සති 6 ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වාර්තා වනවා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙකු වන වනිදු මෙලෙස ආබාධයට ලක් වීම ඔහුට ටෙස්ට් වරම් හිමි කර ගැනීම තව දුරටත් ප්‍රමාද වීමට හේතුවක් බවයි වාර්තා වන්නේ. ඉදිරියේදී එංගලන්ත කන්ඩායම සමග පැවැත්වීඹට නියමිත ටෙස්ට් තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු කැදවීමේ තීරණයක් තිබූ බවද වාර්තා වනවා. කෙසේ වෙතත් ආබාධය හේතුවෙන් ඔහුට එම අවස්ථාව හිමි වන්නේද නැහැ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top