වනිඳු හසරංගටත් කොවිඩ් ආසාධනය වෙයි

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (15 වැනිදා) කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයට පෙර සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයේදී (රැපිඩ් ඇන්ටිජන්ට්) ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බව හඳුනාගෙන තිබේ.

එම පරීක්ෂණයෙන් පසු වනිඳුව කණ්ඩායමෙන් ඉව්ත කොට වෛද්‍ය ප්‍රතිකාර යටතේ නීරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ විට වනිඳු හසරංගට අහිමිවනු ඇත.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු තරග 2 ම ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද පන්දුවෙන් දස්කම් දැක්වීමට වනිඳු සමත්වූවේය. ලොව විස්සයි-20 පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ අංක 1 ස්ථානයේ පසුවන දකුණත් පාදඟ පන්දු යවන්නා පළමු තරගයේදී ලකුණු 38 කට කඩුලු 3 ක්ද දෙවැනි තරගයේදී ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූවේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top