සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය සමත්වුණා. එහි බාලිකා ශූරතාව දිනා ගත්තේ හුංගම විජයබා ජාතික පාසලයි.
තරගාවලියේ අවසන් තරග පැවැත්වුනේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි. වයස අවුරුදු 19 න් පහළ බාලිකා අවසන් තරගයට හුංගම විජයබා ජාතික පාසල සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය සුදුසුකම් ලබා සිටියා. ඉන් වට 3 ට 0 ක් ලෙස ජය හිමිකර ගත්තේ හුංගම විජයබා ජාතික පාසලයි. ලකුණු තත්වය සටහන් වූයේ 25 ට 13 ක්, 25 ට 11 ක් සහ 25 ට 7 ක් ලෙසයි. 19 න් පහළ බාලක අවසන් තරගයට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය සහ පන්නල ජාතික පාසල සුදුසුකම් ලැබුවා. ඉන් වට 3 ට එකක් ලෙස ජය හිමිකර ගැනීමට සමත් වූයේ රාජසිංහ මධ්‍ය විද්‍යාලයයි. පළමු වටය ඔවුන් ලකුණූ 25 ට 16 ක් ලෙස ජයගත් අතර, දෙවන වටය ලකුණු 25 ට 21 ලෙස ජයගත්තේ පන්නල ජාතික පාසලයි. පසුව තෙවැනි සහ සිව්වැනි වට ලකුණු 25 ට 20 ක් සහ 25 ට 23 ක් ලෙස ජය ගැනීමට රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩකයින් සමත්වුණා. අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව, ශූරතාව දිනු හුංගම විජයබා ජාතික පාසලේ හිරුණි ප්‍රබෝධා. දක්ෂතම ක්‍රීඩකයා පන්නල ජාතික පාසලේ තිසර දිල්ෂාන්. වසරේ අති දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඉදුරංග රත්නායකයි.