Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

වර්ල්ඩ්කප් එක ඉවර වෙද්දි 100 ඒවා දෙකක් තුනක් ගහන්න තමයි උත්සහ කරන්නෙ – පැතුම් නිස්සංක

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය තුළ පිට පිට අර්ධ ශතක හතරක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් විය. එමෙන්ම 2017 වසරෙන් පසුව එක්දින ලකුණු 1000 සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වන්නටද පැතුම්ට හැකිවිය. Ceylon Sports වෙතට අදහස් දක්වමින් පැතුම් නිස්සංක පළකළ අදහස් මේ.

ඇත්තටම මගේ දක්ෂතා ගැන ලොකු සතුටක් තියෙනවා. මං හිතනවා මම මහන්සි වෙච්ච ඒවගෙ ප්‍රතිඵල මට ලැබිලා තියෙනවා කියලා. මං බලන්නෙ පුලුවන් තරම් මගේ ටීම් එක වෙනුවෙන් මොනවද කරන්න පුලුවන් කියලා. ගොඩක් සතුටුයි වර්ල්ඩ්කප් එකේ එකදිගට 50 ඒව හතරක් ගහන්න ලැබීම ගැන.

මම ක්‍රීඩා කරන්නෙ කොහොමත් ශතකයක් ලබාගන්න තමයි හැම තරගයකදීම. සමහර තැන්වල මගේ අඩුපාඩු තිබ්බා. මම කොහොම හරි ඒව හදාගෙන මම බලන්නේ වර්ල්ඩ්කප් එක ඉවර වෙද්දි 100 දෙකක් තුනක් ගහන්න තමයි උත්සාහ කරන්නේ.

සාමාන්‍යයෙන් මගේ මූලික දේවල් මම කරනවා. මගේ Homework වගයක් තියෙනවා. මම ඒ ටික හරියට කරනවා. තරගය වෙලාවෙත් පුහුණුවීම් වෙලාවෙත්. මම හිතනවා මගේ සාර්ථකත්වයට ඒක හේතුවක් කියලා.

අපිට වැදගත් තරගයක් තමයි ඊගාවට තියෙන්නෙ. ඉතුරු තරග සියල්ලම අපිට වැදගත්. ඉතින් අපි බලනවා යන රිද්මයේම ඒ තරගයටත් ක්‍රීඩා කරන්න. අපේ කණ්ඩායම හොද මානසික මට්ටමක ඉන්නවා. ක්‍රීඩකයෝ හොද රිද්මයේ ඉන්නවා. පන්දු යවන්නන් හොද රිද්මයට ඇවිල්ලා ඉන්නවා. මම හිතනවා මීළඟ තරගය ජයග්‍රහණය කරන්න පුලුවන් වෙයි කියලා.

Back To Top