[vc_row][vc_column][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර ගාන්ධි -මැන්ඩෙලා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ප්‍රථම ඉනීම ක්‍රීඩා කරන ද.අප්‍රිකාව කඩුලු තුනක් බිදවැටී ලකුණු 36ක් ලබා අසීරු තත්වයක පසුවේ..ද.අප්‍රිකානු ආරම්භය සුනු විසිණු කර දැමූ උමේෂ් යාදෙව් කඩුලු 2ක් හා මොහොමඩ් ශම්මි එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
දිනය ආරම්භයේ දී කඩුලු 3ක් බිදවැටී ලකුණු 273ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම සිය ප්‍රථම ඉනීම වෙනුවෙන් කඩුලු 5කට ලකුණු 601ක යෝධ ලකුණු පුවරුවක් වාර්තා කරමින් සිය ඉනීම අවසන් කරන ලදී..මෙහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරතවූ නායක විරාත් කෝලි සිය 7 වන ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කර ගැනීමට සමත් විය. මෙම ද්විත්ව ශතකයත් සමගින් කෝලි ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ද්විත්ව ශතකලාභියා බවට පත්වූ අතර ඔහු බිදහෙලීමට සමත්වූයේ සචින් තෙන්දුල්කාර් සතුව තිබූ වාර්තාවකි..විරාත් නොදැවී ලකුණු 254ක් ලබා ගත් අතර එය ඔහුගේ පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව සේම ඉන්දීය නායකයෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්වේ වාර්තාව ද හිමිකර ගැනීමට සමත්විය..එසේම එම තරඟයේදී විරාත් කෝලි ටෙස්ට් ළකුණු 7 000 සීමාව පසු කළ අතර ඒ සඳහා ඔහු ඉනීම් 138ක් ක්‍රීඩා කොට තිබුණි..ඒ අනුව ටෙස්ට් ළකුණු 7000 සීමාව සිව්වනියට වේගයෙන්ම පසුකළ (ඉනීම් ගණන අනුව) ක්‍රීඩකයා බවට ඔහු පත්විය. මීට අමතරව මයනක් අගර්වාල් ලකුණු 118ක් ,රවීන්ද්‍ර ජඩේජා ළකුණු 91ක් හා අජින්කයා රහනි ළකුණු 59ක් හා චෙටෙස්වර් පුජාරා ළකුණු 58ක් ලබා ගැනීමට සමත්විය..ද.අප්‍රිකාව වෙනුවෙන් රබාඩා කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.
හෙට තරගයේ තෙවන දිනයයි.
ඉන්දියාව 601 -5 කෝලි 254 , අගර්වාල් 118 , ජඩේජා 91. කාර්ගීසෝ රබාඩා 3-93.
ද.අප්‍රිකාව 36 -3 ඩී බ්‍රයන් 20 , ටෙම්බා බවුමා 8. උමේෂ් යාදෙව් 2-16 , මොහොමඩ් ශම්මි 1 -3.
[/vc_column_text][/vc_column][/vc_row]