විස්සයි-20 මහ ගැටුමේ ශූරයින්ට ලක්ෂ 20 ක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ඩයලොග් – SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගනු ලබන කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනැමෙන අතර අනුශූරතාව සඳහා ලකුෂ 15 ක මුදලක් පිරිනැමෙනු ඇත.

ප්‍රධාන ත්‍යාග මුදල් වලට අමතරව තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනු ලබන ක්‍රීඩකයාට මුදලින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් ද අවසන් මහ තරගයේ වීරයාට මුදලින් රුපියල් පනස්දහසක්ද පිරිනැමෙනු ඇත.

මෙම අවසන් මහ තරගය අද (24 දා) දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප.ව. 7.30 ට ආරම්භ වනු ඇත. මූලික තරග කාල සටහනට අනුව මෙම තරගය ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණත් අවසන් මහ තරගය ජාතික රූපවාහිනියේ චැනල් අයි නාළිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු සම්පාදනය කිරීම නිසා නිසා තරග ආරම්භය මිනිත්තු 30 කින් දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබේ.

චැනල් අයි නාලිකාවට අමතරව මෙම තරගය ඩයලොග් නාලිකා ‘චැනල් 1’, ශ්‍රී ලංකා ක්‍රිකට් ‘youtube’ (යූ ටියුබ් චැනලය), ඩයලොග් ViU මෘදුකාංගය, සහ The.papare.com ඔස්සේද නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top