වෙළෙඳ සේවා A කොටසේ 20-20 තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

[vc_row][vc_column][vc_column_text]සිංගර් සමාගමේ අනුග්‍රහය සහිතව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් – වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කොටසට අදාලව පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත.

පෙර සැලසුම් කළ පරිදි තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ 28 වන දා නොයසේනම් එළඹෙන බ්‍රහස්පතින්දා දින වුවද පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කොට ඇත.

වර්ෂාව හේතුවෙන් ලීග් තරගාවලියේ බොහෝ තරග මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ තරඟාවලියේ (Knockout Tournament) බොහෝ තරග අත්හැර දැමීමට සංවිධායකයන්ට සිදුවිය. එබැවින් මෙලෙස 20-20 තරඟාවලිය කාලගුණික තත්වය යහපත් වන තුරු කල් දැමීමට සංවිධායකයෝ තීරණය කර ඇත .

– චානා-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top