[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මෙන්ම වත්මන් ලෝක කුසලාන කණ්ඩායම් නායක ශකිබ් අල් හසන් ක්‍රිකට් පිටියට සමුදීමට සූදානම් වන කාල සීමාව පිළිබඳව නිවේදනය කොට ඇත.
ඒ අනුව මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශකිබ් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇත. එමෙන්ම එළඹෙන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදීමට ශකිබ් සූදානමකින් පසුවෙයි.
2025 වසර ශකිබ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අවසන් වසර බවට පත් වනු ඇත. එම වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියෙන් අනතුරුව ශකිබ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සූදානම් වෙයි.
36 හැවිරිදි ශකිබ් මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරග පිළිවෙලින් 66ක්, 240ක් හා 117කට ක්‍රීඩා කරමින් ලකුණු 4454, 7384ක් හා 2382ක් රැස්කිරීමට සමත් වී ඇති අතර පිළිවෙලින් කඩුලු 233, 308ක් හා 140ක් දවාගැනීමට සමත් වී ඇති විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.[/vc_column_text][/vc_column][/vc_row]