ශම්මු අශාන් ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය වැළද ගනී

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කාන්තා කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවති තරඟය කඩුළු 7කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කාන්තා කණ්ඩායම අද සමත් විය.

තරඟයේ කාසියේ වාසිය කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම ළකුණු 122කට සීමා කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ ආරම්භක පිතිකාරිණී උමේෂා තිමාෂිනී පන්දු 49 කදී හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමගින් ළකුණු 56ක් ලබා ගැනීමට සමත්වූවාය.මීට අමතරව හර්ෂිතා මාධවී ළකුණු 33ක් ලබාගැනීමට සමත්වූවාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ වයස අවුරුදු 23 න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 126ක් ලබා තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වූහ. බංගලාදේශයේ වෙනුවෙන් සන්ජිඩා ඉස්ලාම් ළකුණු 51ක් ලනා ජයග්‍රහණයේ නියමුවරිය බවට පත්වූවාය. පන්දු යැවීමේදී නැවතත් ක්‍රියාත්මකවූ තිමාෂානි ළකුණු 13 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූවාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 122 – 6 (20) උමේෂා තිමාෂානි 56 , හර්ෂිතා 33

බංගලාදේශ කාන්තා කණ්ඩායම 126 – 3 (18.3) ඉස්ලාම් 51 , තිමාෂානි 13 -1

මේ අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ පිරිමි කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවති තරඟය තියුණු තරගයකින් පසු ව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ නේපාල කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී දැවැන්ත ලකුණු 172ක් ලබා ගැනීමට සමත්වූහ. මෙහිදී නේපාල කණ්ඩායම වෙනුවෙන් බිරේන්ද්‍ර සිං ළකුණු 72ක් ලබාගත් අතර ඊට ඔහු හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් අන්තර්ගත කොට තිබුණි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂ අංජුල එක් කඩුල්ලක් හා කමිදු මෙන්ඩිස් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 173ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 49ක් තුළ බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම් දැඩි අසීරු තත්ත්වයකට පත්විය. මෙහිදී පැතුම් නිශ්ශංක වේගවත් ළකුණු 30ක් ලබාගත් අතර නායක අසලංක හා කමිදු අඩු ලකුණු සංඛ්‍යාවට දැවීයාම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිදවැටීමට හේතුවිය.

අනතුරුව පිටියට එක්වූ උපනායක සම්මු අෂාන් හා ආරම්භක පිතිකරු නිශාන් මදුසංක තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක සම්බන්ධතාවයක් එක්කරමින් අවමන් සහගත පරාජයකින් ශ්‍රී ලංකා කණ්ඩායම් මුදවාගනු ලැබීය. මෙහිදී නිශාන් ලකුණු 46ක් ලබාගත් අතර විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ශම්මු අශාන් පන්දු 44කදී හතරේ පහර 4ක් හා හයේ පහර 5ක් සමගින් ලකුණු 72ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය. ඔහුට අනගි සහයක් ලබාදෙමින් අශේන් බණ්ඩාර පන්දු 8 කදී ලකුණු 14ක් ලබා ගැනීමට සමත්විය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලූ 4ක් දැවී ලකුණු 175ක් ලබමින් ආසියානු ක්‍රිකට් පිරිමි රන් පදක්කම් බලාපොරොත්තු ව තවදුරටත් රඳවා ගැනීමට සමත් විය.

නේපාලය 172 – 5 (20) බිරේන්ද්‍ර සිං 72 , මෙන්ඩිස් 2 – 34

ශ්‍රී ලංකාව 175 – 4 (19.1) අශාන් 72 , මදුසංක 46

– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top