ශෂිකලා සිරිවර්ධනය ගෞරවාන්විත සමුගැනීමක්

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළා. ඒ බංග්ලාදේශයට එරෙහිව. ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8 ක්දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 91 ක්. සිගර් සුල්තාන් ලකුණු 39 යි. පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන පන්දු වාර 4 කදී ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 15 යි පන්දු 3 කදී එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා. හසිනි පෙරේරා නොදැවී ලකුණු 39 ක් රැස්කළ අතර චමරි අතපත්තු ලකුණු 30 යි. තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක ජයක් වාර්තා කළා.

තම අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ශෂිකලා සිරිවර්ධන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවයි. 2003 වසරේ සිට වසර 17 ක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශෂිකලා සිරිවර්ධන එක්දින තරග 118 කට සහ 20 යි 20 තරග 81 කට ක්‍රීඩා කර තිබෙනවා. ඇය එක්දින ලකුණු 2029 ක් සහ 20 යි 20 ලකුණු 1097 ක් රැස් කර ගෙන තිබෙනවා. ශෂිකලා බිද හෙලා ඇති එක්දින කඩුලු ගණන 124 ක්. ඇය 20 යි 20 කඩුලු 77 ක් දවා ගැනීමටද සමත් වුණා. වසර ගණනාවක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දුන් ශෂිකලා සිරිවර්ධන වැඩිම කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවද වනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top