නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් අනුව පෙරමුණ හිමිකරගැනීමට පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනකු වන බාබර් අසාම් සහ ශහීන් අෆ්රිඩි සමත් වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර එක්දින පිටියේ පිතිකරුවන් අතර ප්‍රමුඛයා බවට බාබර් අසාම් පත්වද්දී පන්දු යවන්නන් අතර ප්‍රමුඛයා බවට ශහීන් අෆ්රිඩි පත් වී ඇත.
ශහීන් අෆ්රිඩි පන්දු යවන්නන් හත්දෙනෙකු පහළ ස්ථානයන්ට ඇද දමමින් මෙලෙස ශ්‍රේණිගතකිරීම් වල ඉහළටම පැමිණීමට සමත් වී ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගතකිරීම් වල 16 වැනි ස්ථානය, වනිදු හසරංග 53 වන ස්ථානය, කසුන් රාජිත 74 වන ස්ථානය, ඩිල්ෂාන් මධුසංඛ 76 වන ස්ථානය සහ දුෂ්මන්ත චමීර 83වන ස්ථානය හිමිකරගැනීමට සමත් වී ඇත.
බාබර් අසාම් පිතිකරුවන් අතර ප්‍රමුඛයා ලෙසින් තවදුරටත් වැජබෙද්දී පිළිවෙලින් ශුබ්මන් ගිල්, ක්වින්ටන් ඩි කොක්,ඩේවිඩ් වෝනර් හා රොහිත් ෂර්මා සෙසු ස්ථාන හිමිකරගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකා පිතිකරුවන් වන පැතුම් නිස්සංක 21 වැනි ස්ථානය, චරිත් අසලංක 24 වන ස්ථානය, කුසල් මෙන්ඩිස් 43වන ස්ථානය, සදීර සමරවික්‍රම 55වන ස්ථානය හිමිකොටගෙන ඇත
ශ්‍රේණිගතකිරීම්හි ඉහළ ස්ථාන 10 හිමි ක්‍රීඩකයන්
පිතිකරුවන්
බාබර් අසාම්
ශුබ්මන් ගිල්
ක්වින්ටන් ඩි කොක්
ඩේවිඩ් වෝනර්
රොහිත් ෂර්මා
හෙන්රිච් ක්ලාසන්
විරාට් කෝලි
හැරී ටෙක්ටර්
රසී වැන්ඩර් ඩුසේන්
ඩේවිඩ් මාලන්
පන්දු යවන්නන්
ශහීන් අෆ්රිඩි
ජෝෂ් හැස්ල්වුඩ්
මොහොමඩ් සිරාජ්
කේෂව් මහරාජ්
ට්‍රෙන්ට් බෝල්ට්
රශීඩ් ඛාන්
කුල්දීප් යාදව්
මුජිබර් රහ්මාන්
ඇඩම් සම්පා
මොහොමඩ් නබී