ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය මුරලි විවේචනය කරයි

නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය, හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ විවේචනයට ලක්වී ඇත. ෆස්ට්පෝස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් සදහන් කොට ඇත්තේ මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය තුළ පෙන්නුම් කළ දුර්වලතම ක්‍රීඩා විලාශය බවයි.

තරගාවලියේ තරග 9 න් තරග දෙකක් පමණක් ජය ලබා ගනිමින් ලීග් සටහනේ 9 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් විය. එම ජයග්‍රහණ දෙක නෙදර්ලන්තයට සහ එංගලන්තයට එරෙහිව වාර්තා විය.

අපි 1975 සිට එක්දින ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරනවා. මෙම වසර ලෝක කුසලානයේ දී ඔවුන් දුර්වලතම ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. ඔබට හොඳම පුහුණුකරුවන් සහ උපදේශකයින් සිටිය හැකි නමුත් දවස අවසානයේදී ක්‍රීඩකයින් තමයි දක්ෂතා දැක්විය යුත්තේ. ඔවුන් එය නිවැරදි කර වැඩිදියුණු කරන්නේ කෙසේදැයි තීරණය කළ යුතුය, ඔවුන් ආපසු ගොස් වෙහෙස මහන්සි වී වැඩ කර ආපසු පැමිණිය යුතුය.

Back To Top