ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කෙරේ.

නවතම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද දිනයේදී ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව නව තේරීම් කපිටුවේ සභාපති ධූරය හිටපු ශ්‍රී ලංකා නායක උපුල් තරංගට හිමි වී ඇත. උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නවතම තේරීම් කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළත් වී ඇත.

ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස්, ඉන්දික ඩි සේරම්, තරංග පරණවිතාන සහ දිල්රුවන් පෙරේරා අභිනව තේරීම් කමිටුවට ඇතුළත් කොට ඇත. නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් මෙම තේරීම් කමිටුව පත්කොට ඇති අතර එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය සදහා කණ්ඩායම තේරීමේ වගකීම නව තේරීම් කමිටුවට පැවරෙනු ඇත.

Back To Top