ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකරගනී

නැගී එන කණ්ඩායම් අතර ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සමත් වුණා. එහි ශූරතාව හිමිවුණේ, ඇෆ්ගනිස්තාන “ඒ” කණ්ඩායමට.


තරගාවලිය ඕමානයේදී පැවැත්වුණා. අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගනිමින්, ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 133 ක්. වැඩිම ලකුණුලාභියා වෙමින් සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 64 ක් රැස්කළා. නිමේෂ් විමුක්ති ලකුණු 23 ක් ලබාගත් අතර පවන් රත්නායක ලකුණු 20 යි. පන්දු යැවීමේදී බිලාල් සාමි කඩුලු 3 ක් බිඳහෙලුවා. පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය පන්දු වාර 18 යි, පන්දුවක් ඇතුළත කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා. සෙදිකුල්ලා අටාල් නොදැවී ලකුණු 55 යි. කරීම් ජැනට් ලකුණු 33 ක් රැස්කළා. ඇෆ්ගනිස්තානය තරගය ජයගත්තේ කඩුලු 7 කින්. ඔවුන් නැගී එන ආසියානු කුසලානය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.

Back To Top