ශ්‍රී ලංකා A කණ්ඩායම පසිදු සූරියබණ්ඩාර සහ නුවනිදු ප්‍රනාන්දු යටතට

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන නිළ නොවන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

නිළ නොවන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ නායකත්වය පසිදු සූරියබණ්ඩාරට හිමි වී තිබෙනවා. සීමිත පන්දුවාර සංචිතයේ නායකත්වය හිමි වී ඇත්තේ නුවනිදු ප්‍රනාන්දුටයි.

සිව්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ද කැදවා ඇති අතර නවක ක්‍රීඩකයන් රැසකට කණ්ඩායමේ දොරටු විවර වී තිබෙනවා

ශ්‍රී ලංකා A කණ්ඩායම එළඹෙන නොවැම්බර් මස 7 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. පළමු නිළ නොවන සිව්දින තරග දෙක නොවැම්බර් 11-14 සහ 18-21 යන කාල සීමාව තුළදී පැවැත්වෙයි.

පන්දුවාර 50 තරග ත්‍රිත්වය නොවැම්බර් මස 25, 27 සහ 29 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. තරග සංචාරයට අදාළ සියලුම තරග ඉස්ලාමාබාද් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

සිව්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතය
1) Pasindu Sooriyabandara – Captain
2) Nipun Dhananjaya
3) Oshada Fernando
4) Pulindu Perera
5) Pavan Rathnayake
6) Sonal Dinusha
7) Ahan Wickramasinghe
8) Vishad Randika
9) Wanuja Sahan
10) Vishwa Fernando
11) Isitha Wijesundara
12) Chamika Gunasekara
13) Nisala Tharaka
14) Ashian Daniel
15) Dinura Kalupahana

එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය
01) Nuwanidu Fernando – Captain
02) Lahiru Udara
03) Kamil Mishara
04) Pasindu Sooriyabandara
05) Pavan Rathnayake
06) Sahan Arachchige
07) Ahan Wickramasinghe
08) Sonal Dinusha
09) Dinura Kalupahana
10) Dushan Hemantha
11) Kavindu Nadeeshan
12) Wanuja Sahan
13) Eshan Malinga
14) Dilshan Madushanka
15) Nipun Ransika

Back To Top