ශ්‍රී ලංකාව බිහිකළ හොදම පිතිකරුවා අරවින්දයි – හිටපු නායක අර්ජුන

[vc_row][vc_column][vc_column_text]

වසර 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරන්නට එදා ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය උණුසුම් කරමින්. එවක ශ්‍රී ලංකා නායකයා වූ අර්ජුන රණතුංග මහතා අද ක්‍රිකට් තත්වය හා එදා ඔහුගේ කණ්ඩායම පිළිබඳව මෙලෙසින් අදහස් දක්වා ඇත.

” අපිට ඒ වෙනුවෙන් අවුරුදු දෙක තුනක ඉඳන් සැලසුම් කරමින් සිටියා. අපි හඳුනාගෙන හිටියා ආසියානු තත්වයන්ගේ වගේම අනි තත්වයන්ගෙත් ක්‍රීඩා කරන්න හොද කවුද කියලා. ඒ වගේම තමන්ගේ 100%ක් දෙන අය කවුද කියලත් හදුන ගත්තා. අරවින්ද ඇරුනාම අනික් කවුරුත් හොදම තත්වෙක හිටියෙ නෑ. ඒත් ඔවුන් ඔක්කොම කැප වුණා. ඔවුන් උනන්දු වුණේ තමන්ගෙ දක්ෂතා නෙවේ. කණ්ඩායමේ ජයග්‍රහණය ගැනයි ඔවුන් හිතුවේ.”

“අරවින්ද හිටියෙ වෙනම level එකක. ඔබට ඔහුව කිසිවෙක් සමඟ සසඳන්න බෑ. වර්තමානයේ උනත් ඔහුව සසදන්න බෑ. නමුත් හැමෝම ප්‍රමාණවත් දස්කම් පෑවා. ඔවුන්ගේ කාර්‍යභාරය ඔවුන් කළා. කණ්ඩායමක් විදියට අපි සැලකිලිමත් වෙන්න ඕන ඊළඟ තරගය දිනන පරදින එක විතරක් නෙවේ. ඉදිරිය දෙස බලා ලෝක කුසලානයකට සූදානම් වෙන්න ඕන.”

” ඕනෑම ලෝක කණ්ඩායමකට ඇස් වහගෙන අරවින්දව ඇතුළත් කරන්න පුලුවන්. මොකද ලංකාව මෙතෙක් බිහිකළ විශිෂ්ටතම පිතිකරුවා ඔහුයි. මට අනුව දෙවන කෙනා රෝයි ඩයස්. ඊට පස්සෙ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා සනත් ජයසූරිය. මම අරවින්දව දැක්කේ යාර 80න් එලියෙ නෙවේ. යාර 30 දුරින් මං ඔහුව දැක්කා. ඒ නිසා ඔහුගේ දකදක්ෂතාව මම දන්නවා”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top