ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණකින් අරඹයි!

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ රිද්මය දිගටම පවත්වා ගනිමින් නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයකඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනේ ලෝක ටෙස්ට් ශූරතාවයේ තම කණ්ඩායම ඉදිරියෙන් ලකුණු 60ක් එකකරගනිමිනි. වාර්තාගත හඹායෑමක් වූ මෙම හඹායෑම ගාල්ල ක්‍රීඩාංගණයේ දැවැන්තම හඹා යෑම වන අතර මීට ප්‍රථම ගාල්ලක්‍රීඩාංගණයේ සාර්ථකම හඹායෑම වූයේ 2014දී පාකිස්තානයය එරෙහිව හඹා ගිය ලකුණු 99ක ප්‍රමාණයයි.

එමෙන්ම 2016න් පසු ඕනෑම කණ්ඩායමක් ලකුණු 250කට වඩා හඹා ගොස් ජයග්‍රහණය කර ඇත්තේ සිව්වතාවක් වන අතර ඉන්දෙවතාවකම ශ්‍රී ලංකාව එම කාර්යය කිරීමට සමත් වී ඇත.

අද දිනය ආරම්භ කරමින් සාර්ථක සබඳතාවයක් ගොඩ නගාගෙන සිටි නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පිටියටපිවිසියේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඉතිරි ලකුණු 135ලබා ගැනීමේ අරමුණින්ය.

ආරම්භක සබඳතාවයට තවත් ලකුණු 21ක් එකතු වෙද්දී ලහිරු තිරිමාන්න දැවී ගුයේ ලකුණු 161ක දැවැන්ත ආරම්භක සබදතායට අවසානය තබමින්ය.

තිරිමාන්න දැවී යන විට ලකුණු 64ක් ලබා සිටියේය. ඉන් පසු කඩුල්ලට පිවිසි කුසල් මෙන්ඩිස් ආක්‍රමණශීලී පිතිකරණ රටාවක්පෙන්නුම් කලද ඔහුට වැඩි වෙලා පිටියේ රැඳීසිටීමට ඉඩ නොදුන් අජාස් පටෙල්  ඔහුව ලකුණු 10කට දවාගත්තේය.

ඉන් පසු දිමුත් කරුණාරත්න සහ පිටියේ එකතු වූ ඇන්ජලෝ මැතිව්ස් කෙමෙන් කෙමෙන් ජයග්‍රහණය කරා ළං වූ අතර දිමුත් අදදින සිය 9 වෙන ශතකය ලබාගත්තේ නායකත්වයේ වටිනාකම අකුරටම ඉටු කරමිනි.

නායකත්වයෙන් පසු රැස් කල පළමු ශතකය මෙය වෙන අතට ගාල්ල ක්‍රීඩාංගණයේ සිව්වන ඉනිමේ ශතකයක් රැස් කල එකමවමත් පිතිකරු බවට පත්වීමට දිමුත් කරුණාරත්න සමත් විය.

මීට ප්‍රථම ගාල්ල ක්‍රීඩාංගණයේ සිව්වන ඉනිමේ ශතකයක් රැස් කරගෙන ඇත්තේ මහේල ජයවර්ධන සහ ජොනතන් ට්‍රොට් වනඅතර එම ලැයිස්තුවේ තුන්වෙනියා වීමට දිමුත් කරුණාරත්න අද සමත් විය.

අති විශිෂ්ඨ ඉනිම නිමාවට පත් කරමින් ජයග්‍රහණය පෙනන මානයේ සිටියදී දිමුත් කරුණාරත්න දවාගැනීමට ටිම් සවුතී සමත්විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වේගවත් කල කුසල් ජනිත් පෙරේර සහ ධනංජය ද සිල්වා පිලිවෙලින් වේගවත් ලකුණු 23ක් සහ නොදැවී ලකුණු 14ක් ලබාගත්තේය.අනෙක් අන්තයේ වගකීම් සහගත ලෙස ක්‍රීඩා කල ඇන්ජලෝ මැතිව්ස් ජයග්‍රහණය තෙක් ඉනිමේ රැඳීසිටි ඔහු නොදැවී ලකුණු 28ක් ලබා ගත්තේය.

දිමුත් කරුණාරත්න නායකත්වය දැරූ තරග 3ම ජයග්‍රහණය කිරිමට සමත් වූ අතර මෙම ජයග්‍රහණයත් සමග ලෝක ටෙස්ට්ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 60ක් ලබා ගැනීමට සමත් විය.

කණ්ඩායමෙ සියලුම ක්‍රීඩකයන් පාහේ ජයග්‍රහණයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් අතර ඇන්ජලෝ මැතිව්ස්, කුසල්මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න අර්ධ ශතක රැස් කිරීමට සමත් විය. අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය ධනංජයද සිල්වා , සුරංග ලක්මාල් සහ ලහිරු කුමාර සියලු දෙනාම පන්දුවෙන් සිය වගකීම ඉටු කිරිමට දායක විය.

නවසීලන්ත පිතිකරණ ලැයිස්තුවේ කොදු නාරටිය වන නායක කේන් විලියම්සන් තරගය පුරාම අසාර්ථක වීම කැපී පෙනන දෙයක්විය.

දෙපිල අතර දෙවන ටෙස්ට් තරගය මෙමස 22 වන දින කොලඹ සරා ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත වේ.[/vc_column_text][vc_column_text][/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top