ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු පුහුණු තරගයෙන් පරාජයට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පුහුණු තරගයට සහභාගී වුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව. එම තරගය ඇඩිලේඩ්හිදී පැවැත්වුණ‌ා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දුන්නා. ඒ අනුව දකුණු අප්‍රිකාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා. මොරිසන් කැප් ලකුණු 44 යි. ලවුරා වොල්වර්ට් නොදැවී ලකුණු 38 ක්රැස් කළා. පන්දු යැවීමේදී උදේෂිකා ප්‍රබෝධිනී සහ චමරි අතපත්තු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුනේ ලකුණු 105 ක් පමණයි. ඒ අනුව තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තේ ලකුණු 41 කින්. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ අමා කාංචනා නොදැවී ලකුණු 24 ක් රැස් කළා. හසිනි පෙරේරා ලකුණු 22 යි. පන්දු යැවීමේදී සූන් ලූස් කඩුලු 4 ක් බිද හෙලුවා.

මේ අතර තරගාවලිය යටතේ පැවැති තවත් පුහුණු තරගයකින් ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ නවසිලන්ත කණඩායම පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 ක්දැවී ලකුණු 134 ක් රැස් කළා. පිලිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 18 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 136 ක් රැස් කරමින්. නායිකා හේදර් නයිට් ලකුණු 45 ක් රැස් කළා. ඩැනී වෙට් ලකුණු 42 යි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top