[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ මූලික වටයේ තමන් සහභාගී වූ අවසන් තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ජපාන කණ්ඩායමට එරෙහිවයි. ශ්රී ලංකාව මෙම තරගයට පිවිසියේ මූලික වටයේ තමන් සහභාගී වූ පළමු තරග 2 ම පරාජය වීමෙන් පසුවයි.
පළමු තරගයේදී ශ්රී ලංකාව ඉන්දියාව හමුවේත් දෙවැනි තරගය නවසීලන්තය හමුවේත් පරාජය වුණා. ශ්රී ලංකාව සහ ජපානය අතර තරගයේ එක් ඉනිමක් පන්දු වාර 22 කට සීමා කෙරුණා. ඒ වර්ශාව හේතුවෙන්. මෙහි පළමුවෙන් පන්දුවට පහර දුන් ජපාන කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 03 ක් අවසානයේ සියලු ක්රීඩකයින් දැවී රැස් කලේ ලකුණු 43 ක් පමණයි. ඔවුන්ගේ කිසිදු පිතිකරුවෙන් ලකුණු 10 සීමාව පසු කිරීසට සමත් වුණේ නැහැ.
පන්දු යැවීමේදී දිල්ශාන් මධුශංක, සුධීර තිලකරත්න, අශේන් ඩැනියල් සහ නවෝද පරණවිතාන කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිලිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 8 යි පන්දුවක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 47ක් රැස් කරමින්.
තරගයේ වීරයා නවෝද් පරණවිතාන.
[/vc_column_text][/vc_column][/vc_row]