[vc_row][vc_column][vc_column_text]අද දිනයේදී (1) අවුරුදු 19න් පහළ සීමිත ඕවර පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්විණි. අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුනේ අපරාජිත කොළඹ රාජකීය විද්‍යාලය හා පෙරලිකාර මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයයි. කෙසේනමුත් ප්‍රභල රාජකීය විද්‍යාලීය කණ්ඩායම පරදවා ලකුණු 97ක ජයක් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය. තරගය පැවැත්වූයේ කොළඹ NCC ක්‍රීඩාංගනයේදීය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝසප් විද්‍යාලය රාජකීයන් මත පීඩනයක් එල්ල කරමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 287 ක් රැස්කරන ලදි. අති විශිෂ්ඨ පිතිහරඹයක නියැලුනු ජෝසප් විද්‍යාලයේ ශෙවෝන් ඩැනියල් නොදැවී ලකුණු 146 ක් රැස්කිරීමට සමත්විය. නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 30 ක් රැස්කරන ලදි.
ලකුණු 288 ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි කොළඹ රාජකීයන් හට පන්දුවාර 40.2 දී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 190 ක් පමණි. කවිදු පතිරත්න විසින් සටන්කාමී ඉණිමක් ක්‍රීඩාකරමින් ලකුණු 59 ක් රැස්කලද එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී ශාන්ත ජෝසප් විද්‍යාලයේ ලහිරු අමරසේකර කඩුලු 4ක් බිදහෙලීමට සමත්විය.
ඒ අනුව මෙම තරගය ලකුණු 97කින් ජයග්‍රහණය කල මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය මෙම තරගාවලියේ ශූරතාවය දිනාගන්නා ලදි. ශාන්ත ජෝසප් විද්‍යාලය ලීග් කොටසෙහි තමන් මුහුණු දුන් පළමු තරග දෙකම පරාජයට පත්වී ආ මෙම ගමන සැබැවින්ම අති විශිෂ්ඨය. ශාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙරන් ෆොන්සේකා , සදීශ් ජයවර්ධන හා ශෙවෝන් ඩැනියල් මෙම තරගවාරය තුල නිරන්තරයෙන් ලකුණු අතර සිටි අතර නායක දුනිත් වෙල්ලාලගේ , ශෙනුක ද සිල්වා හා ලහිරු අමරසේකර සෑම තරගයකම පාහේ කඩුලු දවාගැනීමට සමත්විය.
තනි තනි දක්ෂතා වලට වඩා කණ්ඩායමක් ලෙස කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරීම ජෝසප් විද්‍යාලයට මෙම තරගාවලියේ ශූරයින් වීමට ඉවහල් වුනි. දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයද මෙම ජයග්‍රහණය පිටුපස රැදී පවතී.
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]