ෂේන් වොට්සන්ගේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ නායකත්වය දරන මරතා අරාබියන්ස් අවසාන තරගයට.

[vc_row][vc_column][vc_column_text]මුලික වටයේ තරග තරග 24ක් සහ Playoff වටයේ තරග වලින් අනතුරුව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ මරතා අරාබියන්ස් කණ්ඩායම සුදුසුකම් ලැබුවේය. තුන් වන අබුඩාබි T10 ලීග් තරගාවලියේ ශූරතාවය සදහා සටන් වදින අවසාන මහා තරගය අද දරන ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගනයේ පවත්වනු ඇත.

මරතා අරාබියන්ස් පිල Qualifier 01 තරගය ජයග්‍රහණය කර ප්‍රථමයෙන්ම අවසාන මහා තරගයට සුදුසකම් ලැබූ අතර ඊයේ රාත්‍රියේ පැවති Qualifier 02 තරගයෙන් ක්ව්ලන්ඩර්ස් පිල පරාද කල ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේය.

කාසියේ වාසිය දිනු ෂේන් වොට්සන් අවදානම් සහිත තීරණයක් ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
තරගාවලියේ දෙපිලටම වැදගත් වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පහර දුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් වූ ෂේන් වොට්සන්, මොහමඩ් ශේසාඩ් , භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් සියල්ල අවශ්‍යම තරගයේ අවශ්‍ය මොහොතේ අසාර්ථක වූ අතර අවසාන මොහොතේ ක්‍රියාත්මක වූ බෙන් කටින් පන්දු 19කදී වේගවත් ලකුණු 41ක් රැස් කලේ කණ්ඩායම සිටි අසීරු තත්වයෙන් සිය කණ්ඩායම බේරාගනිමිනි. හයේ පහරවල් පහකින් සමන්විත වූ එම ඉනිම නිසා පන්දුවාර 10 අවසානයේ ලකුණු 116ක් රැස් කර ක්ව්ලන්ඩර්ස් කන්ඩායමට අභියෝගාත්මක ඉලක්කයක් දීමට විය.
ඩෙකෑන් ග්ලැඩියේටර්ස් මුල් පෙළ වැනසූ සමිත් පටෙල් කඩුලු 3ක්ද ලහිරු කුමාර කඩුලු 2ක්ද දවා ගැනීමට සමත් විය.

අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් ඩේවිඩ් මාලන් ප්‍රමුඛ ක්ව්ලන්ඩර්ස් කණ්ඩායමට ලකුණු 117ක් රැස් කරගත යුතුව තිබුණි.
නමුත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පන්දු යැවීම හමුවේ පිඩනයට ලක් වූ ක්ව්ලන්ඩර්ස් කණ්ඩායමේ ලුක් රොන්චි, ඩේවිඩ් මාලන් ඇතුළු මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වූ අතර අම්ජාඩ් ගුල් සහ පිලිප් සෝල්ට් පිලිවෙලින් ලකුණු 32ක් සහ 27ක් රැස් කරමින් ඉලක්කය කරා යාමට උත්සහ කලද එය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔවුන්ට ප්‍රමාණවත් නොවිය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top