Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලිය අනිද්දා ඇරඹෙයි.

[vc_row][vc_column][vc_column_text]

104 වැනි වරට පැවැත්වෙන Stubbs Shield සමස්ත ලංකා පාසල් බොක්සිං ශූරතාවලිය සැප්තැම්බර් 25 සිට 29 දක්වා Royal MAS Arena හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය (SBASL) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම ඉසව්ව පාසල් ක්‍රීඩා පිටිය තුළ අතිශය තියුණු මුහුණුවරක් ගන්නා තරගාවලියකි.

මෙම ශූරතාවලිය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අනිවාර්ය ඉසව්වකි. පාසල් 100කට අධික ප්‍රමාණයක තරුණ බොක්සිං ක්‍රීඩකයින් 350කට අධික සංඛ්‍යාවක් තරගයට සහභාගි වන අතර, ස්ටබ්ස් පළිහ ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමේ බොක්සිං ක්‍රීඩාවේ මුදුන් මල්කඩ ලෙසින් සලකයි.

වසර 22 ක විරාමයකින් පසු ජයග්‍රාහී ලෙස නැවත බොක්සිං පිටියට පා තැබූ වත්මන් ශූරයන් වන පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය ,ඔවුන්ගේ ජයග්‍රාහී ගමන අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමේ අරමුණින් මෙවර තරගාවලියට එක් වෙයි. මෙම තරගාවලිය බාලක ඉසව් සඳහා බර පන්ති 21 ක් සහ බාලිකා ඉසව් සඳහා බර පන්ති 15 ක් ඇතුළත් වන වෙයි.

Stubbs Shield තරගාවලිය 1914 දී ආරම්භ වූ අතර ඊට ඉතිහාසයක් ඇත. එවකට ලංකාවේ යටත් විජිත ලේකම් වූ Sir R. E. Stubbs ස්ටබ්ස් පලිහ ඉදිරිපත් කරමින් පාසල්වල බොක්සිං ක්‍රීඩාවේ වර්ධනයට සහ ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළේය. කොළඹ රාජකීය විද්‍යාලය, ස්ටබ්ස් පළිහ ඉතිහාසයේ ප්‍රමුඛයා බවට පත් වූයේ වාර්තාගත ලෙස 19 වතාවක් ශූරතාව දිනා ගනිමින්.

Image Source – Daily News

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top