සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වෙන ලකුණු ?

සිම්බාබ්වේ කණ්ඩායම එළඹෙන ජනවාරි මස මෙරට සංචාරය කිරීමට නියමිතය.ඒ එක්දින හා විස්සයි විස්ස තරගාවලි ද්විත්වයක් ක්‍රීඩා කිරීමේ අරමුණිනි. තරගාවලියේ එක්දින තරග 3 පල්ලෙකැලේහිදී ද විස්සයි විස්ස තරග 3 දඹුල්ලේදී ද පැවැත්වෙන බවට මින් පෙර නිවේදනය කොට තිබුණි.

නමුත් වවයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමිවීමත් සමග සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වීම කෙරෙහි අවදානය යොමු කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සදහන් කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි සිල්වා මහතා සදහන් කොට ඇත්තේ තරගාවලියේ කාලසටහන නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කොට ඇත්තේ ඉදිරි දින කිහිපය තුළදී පුහුණුකරුවන්ගේ ගිවිසුම් පිළිබඳව ද නිවේදනය කරන බවයි. එමෙන්ම පුහුණුවීම් වල ව්‍යූහය පිළිබඳව ද ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු සදහන් කොට ඇත

Back To Top