සිම්බාබ්වේ තරග සදහා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායම!

[vc_row][vc_column][vc_column_text]2020 වසරේ ප්‍රථම ටෙස්ට් තරඟ සංචාරය ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරඟ දෙකකින් යුත් සංචාරයක් සඳහා දිමුත් කරුණාරත්නප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දින ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.

සංචාරය සඳහා සහභාගී වන 15 දෙනෙකින් යුත් කණ්ඩායම නම්කොට ඇති අතර පකිස්ථානය ටෙස්ට් සංචාරය සඳහා සහභාගී වූසංචිතයම මේ සංචාරයටද නම් කොට ඇත.

පකිස්ථානය සංචාරයට සහභාගී නොවූ සුරංග ලක්මාල් පමණක් මෙම සංචිතයට එක් වූ අතර එම නිසා අසිත ප්‍රනාන්දු හට සංචිතයේ ඉඩඅහිමි වී ඇත.

ප්‍රථම පෙල තරඟවලදී දිගින් දිගටම ලකුණු අතර සිටින පැතුම් නිස්සංකට මෙවරද අවස්ථාවක් හිමි නොවූ අතර කුසල් මෙන්ඩිස් මේසංචාරය සඳහාද අවස්ථාවක් ලබා දී ඇත.

අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයක් සඳහා එක් වුනේ 2017 වර්ශයේ වූ අතර රංගන හේරත්ගේ නායකත්වය යටතේඑම තරඟාවලිය 2-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙම තරඟාවලිය ලෝක ටෙස්ට් ශූරතාවය සඳහා අදාල නොවන අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 5 වන ස්ථානයේද සිම්බාබ්වේ කණ්ඩායම 11 වන ස්ථානයේද රැඳී සිටී.

සංචාරය සඳහා සහභාගී වන 15 දෙනෙකින් යුත් කණ්ඩායම

  • දිමුත් කරුණාරත්න ( නායක)
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • ලහිරු තිරිමාන්න
  • ධනංජය ද සිල්වා
  • දිල්රුවන් පෙරේරා
  • ලක්ශාන් සඳකැන්
  • සුරංග ලක්මාල්
  • ලහිරු කුමාර
  • නිරෝශන් දික්වැල්ල
  • ලසිත් ඇඹුල්දෙණිය
  • විශ්ව ප්‍රනාන්දු
  • කසුන් රාජිත
  • ඕශධ ප්‍රනාන්දු
  • දිනේෂ් චාන්දිමල්

තරඟාවලිය 19 වන දින හරාරේ ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top