සුපර් ලීග් පිරිමි සහ කාන්තා ශූරතාවය Best Pacific සහ මාවතගම MAS Casualline කණ්ඩායම් සතු වෙයි

2023 වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය ඉතාමත්ම තරගකාරී මුහුණුවරකින් සහ අති උත්කෂර්වත් ලෙස පැවැත්විණි. අදියර දෙකක් ලෙස පැවැති මෙම තරගාවලියේ මූලික වටයේ තරග සැප්තැම්බර් මස 16 සහ 17 දිනවල සිදුව දවිසමර ක්‍රීඩාංගනයේ පැවැත්වුණු අතර අවසන් මහා තරග ඔක්තෝම්බර් 29 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

තරගාවලියේ ප්‍රමුඛතම තරග කාණ්ඩය වන සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි ශූරතාවය බෙස්ට් පැසිෆික් ලංකා කන්ඩායම සතු වූ අතර අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ තරගවට 3- 1 ලෙස පරාජය වූයේ මැලිබන් කණ්ඩායමයි. සුපර් ලීග් කාන්තා තරගාවලියේ ශූරතාවය තරග වට 3-0 ලෙස මාවතගම MAS කැෂුවලයින් කණ්ඩායම විසින් දිනාගනිද්දී අනුශූරතාවය හයිඩ්‍රාමනී කණ්ඩායමට හිමි විය.

චැම්පියන්ෂිප් තරග කාණ්ඩයේ පිරිමි ශූරතාවය පන්නල MAS ස්ලිම්ලයින් කණ්ඩායම විසින් හිමි කරගත් අතර කොමෂල් ක්‍රෙඩිට් එහි අනුශූරතාවය හිමිකරගත්හ. චැම්පියන්ෂිප් කාන්තා තරගාවලියේ ජයග්‍රහණය මැලිබන් සමූහය සතු කරගත් අතර අනුශූරතාවය ඔමේගා ලයින් කණ්ඩායම සතුවිය.

වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ මූලික තරග වටය වන A කාණ්ඩයේ තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරයන් ලෙසින් පිළිවෙලින් ඇබනෙට් ලංකා සහ මාවතගම MAS කැෂුවලයින් කණ්ඩායම් කිරුලු දරද්දී එහි අනුශූරතාවන් පිළිවෙලින් ලංකා වෝල්ටයිල්ස් හා MAS ලීනියා ක්ලෝතිං කන්ඩායම් හිමි කර ගත්හ.

Back To Top