සුරංග ලක්මාල් ඇතුලු පන්දු යවනනන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙති!

[vc_row][vc_column][vc_column_text]සිමාබාබ්වේ ශ්‍රී ලංකා තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක පහසු, විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාකණ්ඩායම සමත් විය.ඒ අවසාන දිනයේ සිමාබාබ්වේ කණ්ඩායමේ දෙවන ඉනිමට අදාල කඩුලු 10ම දවාගෙන ජය පරාජයකින් තොරව නිමවීමට තිබූ තරඟයජයග්‍රහණයකින් අවසන් කිරීමෙනි.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම් නායක ශෝන් විලියම්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය.පන්දු යවන්නන්ට කිසිදු සහයෝගයක් ලබා නොදුන් තණතිල්ලක් වූ මෙය පිතිකරුවන්ටද අවාසිදායක තණතිල්ලක් වූයේ එහි තිබූ මන්දගාමීස්වරූපය නිසාය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා ලකුණු 349ක් රැස් කල අතර ප්‍රථම දිනය සහ දෙවන දිනයපුරාවටම සියලු දෙනා කඩුලු 10 ආරක්ශා කරමින් දැඩි ආරක්ශාකරීව ක්‍රීඩා කිරීමට සමත් විය.ලකුණු රැස්කිරීමේදී කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් තිදෙනා වූ ප්‍රින්ස් මසර්වා, කෙවින් කසුසා සහ ක්‍රේග් එර්වින් අර්ධ ශතක වාර්තාකිරීමට සමත් විය.

පන්දු යැවීමෙදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5ක් දවාගත් අතර මේ ඔහු එවැනි දස්කමක් කල දෙවන අවස්තාව වේ.මීට අමතරව සුරංග ලක්මාල් සහ ලහිරු කුමාර කඩුලු 3ක් සහ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.පන්දුවාර 148ක් සහ පැය 15කට අධික කාලයක් පන්දු රැකීමෙන් අනතුරුව දෙවන දිනයේ අවසාන භාගයේ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ආරම්භ වූඅතර් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමට ලකුණු 515ක් රැස් කල අතර සිම්‍බාබ්වේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 158ක් ඉදිරියෙන් සිටීමටසමත් විය.

තණතිල්ලේ මන්දගාමී තත්වය නිසා ඉතා සෙමින් ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර ඉතා ඉවසීමෙන් යුත් පරිණතඉනිමක් ක්‍රීඩා කල ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 200ක් නොදැවී ලබා ගත්තේ සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරමිනි.එය 2015න් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකය වේ.

ඉතා සෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුනු නිසා තෙවන දිනය සම්පූර්ණයෙන් සහ සිව්වන දිනයේ පන්දුවාර 70ක් ශ්‍රී ලංකා ඉනිමට වෙන් වූඅතර තරඟාය ජය පරාජයකින් අවසන් වනු ඇතැයි සියලු ක්‍රීඩා විචාරයකින් මත පල කලේය.ඇන්ජලෝ මැතිව්ස්ට කදිම සහයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් නැවත සිය රිද්මයට පැමිණ ලකුණු 80ක් රැස් කල අතර අවසාන භාගයේඉතා දක්ශ ලෙස ක්‍රීඩා කල නිරෝශන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා ලකුණු 63 බැගින් රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු ප්‍රමාණය ලකුණු 500 සීමාව කරා රැගෙන ආවෝය.

තරඟය ජය පරාජයකින් තොරව අවසන් කිරීමේ අරමුණෙන් සිම්බාබ්වේ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කල තරඟයේ අවසාන දිනයවූ අද තරඟය ආර්ම්භ කලේ කිසිදු කඩුල්ලක් නොමැතිව ලකුණු 30ක් රැස් කරමින් සිටියදීය.

ශ්‍රී ලංකාවට තරඟය ජයග්‍රහණය කිරීමට නම් අද දිනය තුල කඩුලු 10ම දවා ගැනීමට තිබූ අතර එය ඒ ආකාරයෙන්ම සිදු කල සුරංගලක්මාල් ඇතුලු පන්දු යවන බලඇණිය සිම්බාබ්වේ කඩුලු එකින් එක දඩයම් කරන්නට විය.කඩුලු දඩයම ආරම්භ කල සුරංග ලක්මාල් මුල් කඩුලු 3 දවාගෙන අවශ්‍ය ජවය ලබා දුන් අතර ලසිත් ඇඹුල්දෙණිය කඩුලු දෙකක් දවාගෙනමැද පෙල අඩපණ කල අතර අවසාන භාගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය තහවූරු කල ලහිරු කුමාර කඩුලු 3ක් දවාගන්නට විය.එවිට සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 13ක් ඉදිරියෙන් සිටි අතර දිනය නිමාවීමට පන්දුවාර 15ක් තිබිනි.අවශ්‍ය ඉලක්කය පන්දුවාර 3ක් තුල ඉතා පහසුවෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සමත් විය.

තරඟයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් දිනාගත් අතර දෙවන සහ අවසාන ටෙස්ට් තරඟය 27 ආරම්භ වේ.

ලකුණු සටහන

සිමාබාබ්වේ ප්‍රථම ඉනිම 358/10

ක්‍රෙග් එර්වින් 85, කෙවින් මසූසා 63

ඇඹුල්දෙණිය 5/114, සුරංග ලක්මාල් 3/53

ශ්‍රී ලංකා පළමු ඉනිම 515-9

ඇන්ජලෝ මැතිව්ස් 200* , කුසල් මෙන්ඩිස් 80

නයුචි 62/3 , සිකන්දර් රාසා 62/3

සිම්බාබ්වේ දෙවන ඉනිම 170/10

සුරංග ලක්මාල් 4/27, ලහිරු කුමාර 32/3

ඉලක්කය – 14

ශ්‍රී ලංකාව 14-0[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top