[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ශේන් වෝට්සන්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වාර්තාවක් තමා සතු කරගැනීමට පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකර් සමාන් ඊයේ දිනයේදී සමත් විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවති දෙවන එක්දින තරගයේදී ලකුණු 193ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවීමට ෆකර් සමාන්ට හැකිවිය.
පන්දු 155කට මුහුණ දුන් ෆකර් සමාන්ගේ වාර්තාගත ඉනීම හතරේ පහර 18කින් හා හයේ පහර 10කින් සමන්විත විය. ඒ අනුව ජාත්‍යන්තර එක්දින තරගයක හබායාමකදී ක්‍රීඩකයෙකු රැස්කළ ඉහළම ලකුණු ගණන වාර්තා කිරීමට ෆකර් සමාන්ට හැකි විය. මින් පෙර මෙම වාර්තාව ශේන් වොට්සන් සතු වූ අතර වොට්සන් විසින් 2011 වසරේ බංගලාදේශයට එරෙහිව හබායාමකදී නොදැවුනු ලකුණු 185ක් රැස්කිරීමට සමත් විය.
හබායාමකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වනුයේ තිලකරත්න ඩිල්ෂාන්ය. ඩිල්ෂාන් 2009 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 160ක් රැස්කිරීමට සමත් විය. ජාත්‍යන්තර එක්දින තරගයක හබායමකදී ක්‍රීඩකයෙකු රැස්කළ ඉහළම ලකුණු ලයිස්තුව පහත පරිදිය.
සටහන – Cree-Da Sports Network [/vc_column_text][/vc_column][/vc_row]