[vc_row][vc_column][vc_column_text]දඟ පන්දු යවන ක්රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවීරෝධි බව පරීක්ෂණ වලින් අනතුරුව දෙවන වරටත් තහවුරු වූ නිසා සිය ඉරියව්ව නැවත නිවරදි කරගන්නා තුරු මාස 12ක කාලයක් අන්තර්ජාතික තරග සඳහා සහභාගී වීමට තහනමක් පනවා තිබේ.
අගෝස්තු මස 14-18 දිනයන්හිදී නවසීලන්තය සමග ගාල්ල ටෙස්ට් ක්රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව යලිත් වරක් අකිලගේ ඉරියව්ව පිළිබඳ සැක පහල වූ අතර අගෝස්තු මස 29 චෙන්නායි බලා අකිල පිටත් වූයේ මේ සඳහා ICC ය මගින් පවත්වන පරීක්ෂණයකට සහභාගී වීම සඳහාය.
29 දින පැවති පරීක්ෂණයෙන් අනතුරුව අද දින එහි වාර්තාව නිකුත් වූ අතර එයට අනුව අකිල ධනංජයගේ ඉරියව්ව නීති විරෝධි බව ඉන් තහවුරු විය.
අකිල ධනංජය ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ මුලින්ම සැක පහල වූයේ 2018 දෙසැම්බර් මස වූ අතර පරීක්ෂාණයකට සහභාගී වූ ඔහු සිය ඉරියව්ව නැවත නිවරැදි කරගනිමින් 2019 පෙබරවාරි මස නැවත කණ්ඩායම හා එක් විය.
ඉන් පසු නිසි රිද්මයේ නොසිටීම නිසා ලෝක කුසලාන සංචිතයට සහභාවී වීමට අපොහොසත් වුවද ඉන් පසුව යළි කණ්ඩායමට එක් වූ අකිල ඉතා හොඳින් දස්කම් දැක්වීමට සමත් විය.
අකිල ධනංජය ඒ අනුව 2020 අගෝස්තු මස 29 දක්වා අන්තර්ජාතික තරග සඳහා සහභාගී වීමට නොහැකි අතර නැවත පන්දු යැවීමේ ඉරිව්ව නිවරදි බව සනාථ කලයුතුවේ[/vc_column_text][/vc_column][/vc_row]