ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත් කළ අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෝසම දෙසැම්බර් 05 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කොට ඇත.
එම මෝසම අද දිනයේදී සළකා බැලූ අධිකරණය, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා සිටියේ නියමිත දිනට ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස ඉදිරිපත් කරන ලෙසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණය නොවැම්බර් මාසයේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබුණි.
එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු දින 14කට අත්හිටුවමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කොට ඇත.