[vc_row][vc_column][vc_column_text]27වැනි දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා අධ්‍යාපන අමාත්‍ය ජී.ඒල් .පීරිස් මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරින් එක්ව පාසල් ක්‍රීඩාව නගාසිටුවීමට අවශ්‍ය කරුණු සම්බන්ධව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වනු ලැබුවා.
එම සාකච්ඡාව අවසානයේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්
“අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව පාසල් ක්‍රීඩාව නගාසිටුවන්න අවශ්‍ය වැඩපිළිවෙල සම්බන්ධව 27වැනි දින අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපේ තිබෙන ක්‍රීඩා පාසල් 25 කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. ඒකෙන් මේ වන විට ක්‍රීඩා පාසල් 24 යි ක්‍රියාත්මක වෙන්නේ. තිබුණු ක්‍රීඩා පාසල් 25 ම නැවත ශක්තිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කරන්න අපි කටයුතු කරනවා. ක්‍රීඩා පාසල් සදහා 8 වන ශ්‍රේණියේදී දරුවන් බදවා ගැනීමේ ක්‍රමවේදයේදී පැන නගින අපහසුතාවයන් මග හරවා ගන්න ප්‍රායෝගිකව අපි තින්දු තීරණ කිහිපයක් ගත්තා. ඒ සදහා අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයාට ලබා දුන්නා.
ඉදිරි කාල සීමාව තුල ආරක්ෂක අමාත්‍යාංශයත් සමග ඒකතු වෙලා මේ ක්‍රීඩා පාසල් වල ඉගෙන ගන්න දරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ලම සපුරාලන්න කටයුතු කරනවා. හදුනාගත් ප්‍රධාන යටිතල පහසුකම් මෙන්ම නේවාසිකාගාර පහසුකම් සදහා ප්‍රායෝගික විසදුම් හා පුහුණුවීම් සදහා හොද පුහුණුකරුවන් ලබා දෙන්නත් අද සාකච්ඡා කළා. අපි විශ්වාස කරනවා ඉදිරි කාලය ඇතුලත ජාත්‍යන්තර තළයේ ක්‍රීඩකයින් බිහි කරන්න මෙම ක්‍රීඩා පාසල් වලට හැකි වෙනවා කියලා. ඒ හැකියාව ඇති කරන්න අවශ්‍ය සියළු පහසුකම් ලබා දෙන්න අපි මැදිහත් වෙනවා.”[/vc_column_text][/vc_column][/vc_row]