අන්තර් සමාජ විස්සයි-20 මාර්තු මුල සිට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු මස මුල් සතියේ සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු මස 04 වැනිදා ආරම්භ වේ.

දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු විස්සයි-20 දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඒ, බී. සී. සහ ඩී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින්ද බී සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ.

මාර්තු 14 වැනිදා දක්වා මූලික වටයේ තරග ක්‍රියාත්මක මෙම තරගාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තරගාවලිය ඉකුත් වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ්-19 වෛරසයේ දෙවැනි ව්‍යාප්තියත් සමඟ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු 20 වැනිදා පැවැත්වෙනු ඇත.

ඒ කාණ්ඩය – බදුරලිය, සී.සී.සී. බී.ආර්.සී, මීගමුව, ගාල්ල, නුගේගොඩ, කැන්ඩි කස්ටම්ස්

බී කාණ්ඩය – එන්.සී.සී., කෝල්ට්ස්, ගුවන් හමුදාව, ලන්කන්, වරාය අධිකාරිය, බ්ලූම්ෆීල්ඩ්

සී කාණ්ඩය – හලාවත මේරියන්ස්, එස්.එස්.සී., මුවර්ස්, පොලිස්, කලුතර, කුරුණෑගල තරුණ

ඩී කාණ්ඩය – රාගම, ගුවන් හමුදාව, සැරසන්ස්, පානදුර, ටැමිල් යුනියන්, නාවික හමුදාව, සෙබස්තියනයිට්ස්[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top