අපිට අවශ්‍ය අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් මතක නිර්මාණය කිරීමටයි – විරාට් කෝලි

[vc_row][vc_column][vc_column_text]ඔක්තෝබර් 5 වැනිදා සිට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී අලුත් මතකයන් ප්‍රේක්ෂකයන්ට එක් කිරීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායම බලාපොරොත්තු වෙයි. ඉන්දීය කණ්ඩායම අවසන් වරට 2011 වසරේ සිය මව් බිමේදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර එම ජයග්‍රහණයේ මතකයන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ තවමත් ජීවමානව පවතී.

“අපගේ ක්‍රීඩා ලෝලීන්ගේ උද්යෝගය සහ සහයෝගය ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අපිට තියෙන අධිෂ්ඨානයට ශක්තිය සපයනවා. පසුගිය ලෝක කුසලාන ජයග්‍රහණ, විශේෂයෙන්ම 2011 වසරේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ මතකයන් අපගේ හදවත් තුළ තැන්පත් වෙලා තියෙනවා තවමත්. අපගේ ප්‍රේක්ෂකයින් සඳහා නව මතකයන් නිර්මාණය කිරීමට අපට අවශ්‍යය. ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා අපගේ උපරිමය ලබාදෙන්න අපි සූදානම්”

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස, මිලියන සංඛ්‍යාත රසික පිරිසක් ඔබේ සාර්ථකත්වයට ඔල්වරසන් දෙමින් ඔබ පිටුපසින් සිටින බව දැන ගැනීම තරම් මෝටිවේෂන් එකක් තවත් නෑ. අපගේ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි ආශාව තමයි ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීම දැකීම. එය මුළු ජාතියම සමඟ එක්ව අපි ආරම්භ කරන ගමනක්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top