අපිට විශේෂ දෙයක් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා – ඩේවිඩ් මිලර්

[vc_row][vc_column][vc_column_text]

එළඹෙන 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේදී ඔවුන්ට විශේෂ දෙයක් කිරීමට හැකියාව ඇති බව දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් විශ්වාස කරයි. දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තවමත් එක්දින ලෝක කුසලානයක් දිනාගෙන නැති දකුණු අප්‍රිකාව 1996 ශූර ශ්‍රී ලංකාවට එරෙහිව නවදිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 7 වෙනිදා සිය ලෝක කුසලාන ගමන ආරම්භ කරයි

අපිට විශේෂ දෙයක් කරන්න පුළුවන් කියලා අපි අවංකවම විශ්වාස කරනවා. අපි ලෝක කුසලානයක් දිනාගෙන නෑ. නමුත් පෞද්ගලිකව මම ඒ දේවල් කරේ තියාගෙන ජීවත් වෙන්නේ නැහැ. අතීතය අතීතයයි. එය මට කිසිසේත් බලපාන්නේ නෑ.

ඊළඟට හිතන්න ඕනි ඔබ ඉදිරියෙහි ඇති දේ ගැන. මම දන්නවා අනිත් අපේ කොල්ලො ටිකත් ඒ වගේ මානසිකත්වයක ඉන්නවා කියලා. අපි ඉතිහාසය නිර්මාණය කිරීමට අවස්ථාවක් කියලා හිතනවා. අපි හොඳින් ක්‍රීඩා කළහොත්, අපට හොඳ අවස්ථාවක් ලැබෙන බව අපි දන්නවා.

පසුගිය වසර හතර තුළ අපි අඛණ්ඩව හොඳින් ක්‍රීඩා කළා. මම පුද්ගලිකව දත්ත කෙරේ පදනම් වූ පුද්ගලයෙක් නොවේ. නමුත් ඉලක්කම් දෙස බැලීම, අප ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව දැන ගන්න හොඳයි. මම හිතන්නේ අපි සමහර අය වැරදියි කියලා ඔප්පු කරලා තියෙනවා. ටෙම්බා (බවුමා) ගන්න. ඔහුට බොහෝ මිනිසුන්ගෙන් බොහෝ දෝෂාරෝපණ එල්ල වුණා. ඔහු ඊට හොදින් මුහුණ දීල හොද ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඔහු මෙම ආකෘතියේ විශිෂ්ට නායකයෙක් සහ විශිෂ්ට ක්‍රීඩකයෙක්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top