එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 195කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් අත්කර ගත් බංග්ලාදේශය, ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කිරුළ දිනාගැනීමට ගැනීමට සමත් විය. බංග්ලාදේශය මූලික වටයේ සිට දස්කම් පාමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජපානය වැනි විරුද්ධවාදීන්ට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
2022 වසරේ සිට බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයා ලෙස කටයුතු කරන හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වසීම් ජාෆර්, බංග්ලාදේශය ලද විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සතුට පළ කළේය.
“බංග්ලාදේශ කණ්ඩායමේ පළමු U19 ආසියානු කුසලානය මෙයයි. අපි ඒ වෙනුවෙන් සිහින දුටුවා, අපේ පිරිමි ළමයින් එය අද ඉටු කළා. ගොඩක් සතුටුයි ආඩම්බරයි මේ ගොඩක් ගැන. කොල්ලෝ ටික ඉතා හොදින් ක්‍රීඩා කළා.” යනුවෙන් ජාෆර් සිය X ගිණුමේ සටහනක් තබා ඇත.