අපි ලබාගත්ත ආරම්භය පවත්වා ගත්තේ නෑ – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ සහභාගී වූ දෙවන තරඟය අද දිනයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7කින් පරාජයට පත් වුණා. තරඟය අවසානයේදී තරඟයේ වීරයා ලෙසින් පන්දුවාර 4ක් තුළ ලකුණු 12 කට කඩුලු 2ක් බිඳ හෙලමින් සුපිරි පන්දු යැවීමක් පෙන්වූ ඇඩම් සැම්පා නම් වුණා. තරඟයෙන් අනතුරුව ඕස්ට්‍රේලියා නායක ආරොන් ෆින්ච්, ශ්‍රී ලංකා නායක දසුන් ශානක, තරඟයේ වීරයා ඕස්ට්‍රේලියාවේ ඇඩම් සැම්පා පහත පරිදි තම අදහස් ප්‍රකාශ කොට සිටියා,

පරාජිත ශ්‍රී ලංකා නායක දසුන් ශානක,

“මේ තණතීරුව පිතිකරුවන් හට බොහොම යෝග්‍ය තණතීරුවක්. අපි තරඟයේ අවශ්‍ය ආරම්භය ලබා ගත්තත් මැදපෙලට එය පවත්වා ගන්නට නොහැකි වුණා. මැද පන්දුවාර වලදී හොඳ පිතිකරුවන් දැවී යාම අපට පාඩුවක් වුණා. චරිත් අසලංක පසුගිය තරඟයේ ක්‍රීඩා කළා වගේ අපගේ පිතිරුවක්ට පන්දුවාර 15-16 වගේ වෙනකන් ස්ථාවර වෙන්න ඉඩ ලැබුණේ නෑ. අපි බලාපොරොත්තු වුනාට වඩා ලකුණු 20-25ක් මෙහා අපි නතර වුණා. වෝනර් සහ ෆින්ච් කියන්නේ ලෝකෙ ඉන්න හොඳම පිතිකරුවො දෙන්නෙක්. අපි ඔවුන්ට හොඳින් පන්දු යවමින් Powerplay අවස්ථාව කලමණාකරණය කර ගත්තේ නෑ. අපි සාජා වලදි හොඳට ක්‍රීඩා කරපු නිසා මීළඟ තරඟය සාජා වලදීත් පැවැත්වෙන නිසා සාජා තරඟය කෙරෙහි දැන් අවධානය යොමු කරනවා.”

ජයග්‍රාහී ඕස්ට්‍රේලියා නායක ආරොන් ෆින්ච්,

“මේක ඉතාමත්ම හොඳ දක්ෂතා දැක්වූ තරඟයක්. ශ්‍රී ලංකාව හොඳින් තරඟයට අවතීර්ණ වුණා. ඊට පස්සෙ සැම්පා නැවත තරඟය වෙනස් කළා. ඒ මොහොතේ ස්ටාක් තරඟය නැවත අපේ දිශාවට රැගෙන ආවා. පිතිකරණයට ඉතාම හොඳ තණතීරුවක්. අපි හොඳින් ඉලක්කය හඹා ගියා. මැදෙපළ කඩුලු බිඳ හෙලමින් ශ්‍රී ලංකා ඉනිම පාලනය කරගැනීමට හැකි වීම ගැන සතුටුයි. දඟ පන්දු යවන්නන් තරඟය මැදදි සම්පූර්ණයෙන්ම තරඟය වෙනස් කළා. ඇඩම් සැම්පා සුපිරි පන්දු යැවීමක් සිදු කළා. එය විශිෂ්ට ගණයේ පන්දු යැවීමක්. එංගලන්තය සමග මීළඟට පැවැත්වෙන තරඟය හොඳ තරඟයක්. මොන ක්‍රිකට් ආකාරයෙන් වුණත් එංගලන්තය කියන්නේ අපිට හොඳම ප්‍රතිවාදියෙක්.”

තරඟයේ වීරයා – ඇඩම් සැම්පා

“ශ්‍රී ලංකාව හොඳ ආරම්භයක් ලබා ගත්තා. අපිට ඒක නවත්තන්න ඕනි වුණා. ඇත්තටම දෙවන ඉනිමට වඩා පළමු ඉනිමේදී තණතීරුව තරමක් මන්දගාමී විදිහට හැසිරුණා. පින්නත් එයට බලපෑමක් කළා. ශ්‍රී ලංකාව කියන්නෙ හොඳ ප්‍රතිවාදී කණ්ඩායමක්. ඔවුන් සතුව ඉතාම ප්‍රභල දඟ පන්දු යැවීමේ බලඇණියක් සිටිනවා. අද මම ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව සතුටුයි. කලින් මම Powerplay අවස්ථාවේදී පන්දුවාරයක් හෝ කිහිපයක් යැව්වත් දැන් මැක්ස්වෙල් ඒ කාර්යය ඉටු කරනවා. ඩේවිඩ් වෝනර් දියත් කළේ සුපිරි ඉනිමක්. ඔවුන් දෙදෙනාම නැවත ලකුණු අතරට පැමිණීම අපිට තරඟාවලියට හොඳ ධන ලකුණක්.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top