ICC ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අනෙක් කණ්ඩායම් වලට සාපේක්ෂව ඉන්දියාවට වැඩි අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළ අතර ටෙස්ට්, විස්සයි විස්ස සහ එක්දින යන ක්‍රීඩාවේ ආකෘති තුනම අනාගතයේදී පැවතිය යුතු බවද ඔහු සදහන් කොට ඇත. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වෙන පූනේහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුරලිදරන් මේ බව කියා සිටියේය.
ලෝක කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායම ගැන කියනවනං කිසිදු සැකයක් නෑ මගේ ප්රියතමයා ශ්‍රී ලංකාව. නමුත් එය ජය ගැනීමට ඉන්දියාවට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඉන්දියාවේ සැබවින්ම බලාපොරොත්තු සහගතබවක් සහ ස්ථාවර බවක් පේනවා.ඔවුන් ඉතා හොදින් ක්‍රීඩා කරනවා. අනෙකුත් කණ්ඩායම්වලට වඩා හොඳ අවස්ථාවක් ඉන්දියාවට තිබෙනවා තිබෙනවා.
ආකෘති තුනම අනාගතයේදී තිබිය යුතුය. මම දන්නවා මහජනතාවට පාපන්දු වැනි ක්ෂණික තරඟ අවශ්‍යයි. ඒ නිසා තමයි හැමතැනම T20 තරග ගොඩක් වෙලාවට ක්‍රීඩා කරන්නේ. T20 තරඟාවලි ලෝකයේ වැඩි වශයෙන් ක්‍රීඩා කරන නිසා මිනිසුන් එයට ඇලීමක් වෙලා තියෙනවා. නමුත් ඕවර පනහ තරග ඊට වඩා විශේෂ දෙයක් ලබාදෙනවා
ඇෆ්ගනිස්තානයට හොඳම පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා. දඟ පන්දු යවන්නන් හතර දෙනාම විශ්වාස කළ නොහැකියි. මොකද ඔවුන් එකිනෙකාට වෙනස්. ඔවුන්ගේ ෆාරුකී සහ අනෙක් වේග පන්දු යවන්නන් ද ඉතා දක්ෂයි. ඔවුන්ව IPL කණ්ඩායම් සඳහා ද තෝරාගෙන තියෙනවා. පිතිකරණය අනුව ඔවුන්ට ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් ඉන්නවා, මොකද ඔවුන් ඉතා ප්‍රහාරාත්මක ආකාරයට ක්‍රීඩා කරනවා. 1996 ලෝක කුසලානය දිනන විට අපි ක්‍රීඩා කළේ ඒ ආකාරටමයි.
ශූරයන් එක දවසකින් බිහිවෙන්නෙ මෑ. ඒක වසර පහක ක්‍රියාවලියක්. මම හිතන්නේ 2015 ඉඳන් අපි එහෙම කරලා නැහැ.අවංකවම කියනවා නම් අපි ක්‍රීඩකයන් හදලා නැහැ. වසර 20ක කාලය ඇතුලේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් පැමිණ සිටිනවා. ඒ නිසා දැන් අපි ආපස්සට යනවා, අපිට ඕන මේක කොහොම හරි දිනන්න තමයි. කොහොම හරි මේ තරගාවලිය දිනන්න උත්සාහ කරන්න. ක්‍රීඩකයන් වෙනස් කරද්දි, ක්‍රීඩකයන්ගේ විශ්වාසය අඩු වෙනවා. අලුත් ක්‍රීඩකයෙක් ඇවිත් ක්‍රීඩා කරද්දි එයාට පීඩනයක් තියෙනවා.මේක කණ්ඩායමටම බලපානවා