[vc_row][vc_column][vc_column_text]
බංග්ලාදේශය සිය පළමු ලෝක කුසලාන පුහුණු තරගය වෙනුවෙන් හෙට ගුවහාටි හි බර්සපරා ක්රිකට් ක්රීඩාංගණයේදී ශ්රී ලංකාව සමඟින් තරග වැදීමට නියමිතය. ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව නිමා වූ තරගාවලිය සිය මවුබිම තුළදීම පරාජයට පත් විය. කණ්ඩායම් අධ්යක්ෂ Khaled Mahmud බලාපොරොත්තු සහගත අන්දමින් සදහන් කොට ඇත්තේ පුහුණු තරග ඔවුන්ට ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සූදානම් වීමට උපකාරී වනු ඇති බවයි
” නවසීලන්තයට එරෙහිව අපගේ දස්කම් හොඳ නැති බවත් කණ්ඩායම් දෙකම ඔවුන්ගේ ප්රධාන ක්රීඩකයින් ක්රීඩා නොකළ බවත් අපි දන්නවා. නමුත් ලෝක කුසලානය සම්පූර්ණයෙන්ම වෙනස් තරගාවලියක්. ලෝක කුසලානය ආරම්භ වීමට පෙර, පෙරහුරු තරග දෙකක් ක්රීඩා කිරීමට වගේම පුහුණුවීම් වෙනුවෙන් අපට කාලය ලැබෙනවා. මම හිතන්නේ මේ ක්රීඩකයින් 15 දෙනාට අනිවාර්යයෙන්ම හීනයක් තියෙනවා. ඒ සිහිනය සැබෑ කර ගැනීම වැදගත්. ඒ නිසා ක්රිකට් ක්රීඩකයන් විතරක් නෙවෙයි, සහාය කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාම එකම අරමුණක ඉන්න ඕන.”[/vc_column_text][/vc_column][/vc_row]