එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී අවමන් සහගත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවුණා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත
“තරගය පරාජයට පත්වීම නිසැකවම කනස්සල්ලට කරුණක්. නමුත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැස්මක් ලෙස මම දකින්නේ නෑ. අපිට තරුණ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. මේ කණ්ඩායමේ ඉන්නේ එක්දින තරග සියයකට වඩා ක්‍රීඩා කරපු කීපදෙනෙක් විතරයි. නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තවමත් ඉගෙනගනිමින් ඉන්නවා. ඔවුන්ට අවස්ථාව උදාවෙලා තියෙනවා අඩුපාඩු ඉගෙන ගෙන ඒවා හදාගෙන ඉස්සරහට යන්න. ඒක තමයි අපිට තියෙන්නෙ එකම බලාපොරොත්තුව.”
“ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් අපිට මුල් කණ්ඩායම් අටෙන් තරගාවලියේ අවසන් කරන්න සිද්ධ වෙනවා. ක්‍රීඩකයන් දිරිමත් කරන්න සහ තරගාවලිය තුළ තබා ගන්න factor එකක් අපිට හොයාගන්න වෙනවා. මොකද අපිට මේ ප්‍රශ්නෙම ආවා පසුගිය ජුනි මාසේ ලොක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කරද්දී. නමුත් අපි තරඟාවලියේ සියලු තරඟ ජයග්‍රහණය කරලා අවසන් මහා තරඟයටත් ඇවිල්ල ලෝක කුසලාන තරගාවලියටත් සුදුසුකම් ලබාගත්තා. ඉතින් මම හිතනවා අපි ඒ බාධකය බිඳ හෙලුවා කියලා. අපේ ක්‍රීඩකයන්ව දිරිමත් කරලා බලනවා අපිට මීළඟ තරම් දෙකේ කොහොමද අපේ කට්ටියගෙන් උපරිම ගන්න පුළුවන් කියලා.”
“අපි අවසන් කුසලාන අවසන් මහ තරඟයේ දී ඔවුන්ට මුහුණ දුන්නා.බුම්රා,ශාමි හා සිරාජ් ඇත්තටම ඔවුන් දක්ෂයි. ඔවුන් සෑමවිටම පිතිකරුවා පන්දුවට පහර දීමට යොමු කරවනවා. ඒ වගේම පන්දුව කඩුල්ලට යොමු කරමින් ඇටෑක් කරනවා. ඔවුන් ඔක්කොටම පන්දුව දෙපසටම දෝලනය කරන්න පුළුවන්. අපි ඔවුන්ගේ ඩෙත් ඕවර්ස් වල දක්ෂතා දැකලා තියනවා. මං විශ්වාස කරනවා ඔවුන් මේ වකවානුව තුළ ඉන්න හොඳම පන්දු බලඇණියක් කියලා”
“මධුසංඛ පසුගිය වසරක පමණ කාලය තුළ ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. ඔහු අද දිනයේදීත් පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් දක්වන්න සමත්වුණා. පන්දුවාර 4කදී ඔහු යම්කිසි ප්‍රහාරයකට ලක්වුණා. නමුත් ඔහු යළිත් දෙවන ස්පෙල් එකේ හොදින් පන්දු යැව්වා. ඒ වගේම ඩෙත් ඕවර්ස් වලත් හොදින් පන්දු යැව්වා”
“ඉන්දීය පන්දු යවන්නා යවන්නන් විශිෂ්ට දස්කම් දැක්වූවා, ඒකෙ ගෞරවය ඔහුට හිමි වෙන්න ඕන. අලුත් බෝලෙන් යවද්දී දෝලනය වෙන එක අපි කලින් බලාපොරොත්තු වුණු දෙයක්. අපි තරගයට සම්බන්ධ වෙන්නේ පූර්ව සූදානමකින් යුක්තව. තරගයේදී විය හැකි ඕනෑම දෝෂයක් සඳහා අපි සම්පූර්ණ වගකීම බාර ගැනීම වැදගත් බව විශ්වාස කරනවා. අභියෝගාත්මක මොහොත ඵලදායි ලෙස කළමනාකරණය කර ගැනීමට අප කාටවත් බැරි වුණු බව පෙනී ගියා. ඇන්ජිලෝ ඒකට යම් උත්සාහයක් ගත්තා. නමුත් අග පෙළ පිතිකරුවන් සහ පන්දුයවන්නන් තරමක් පිතිකරණ දස්කම් දැක්වූවා. අපේ සමස්ත පිතිකරණ දස්කම් විවේචනය කිරීම සාධාරණ නෑ කියලා මම විශ්වාස කරනවා. මේ තරගාවලියේදී අනෙක් ප්‍රබල පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 340 ක් ලබා ගනිමින් හොඳින් ලකුණු ලබා ගැනීමට ඇති හැකියාව අපි පෙන්නුම් කරලා තියෙනවා.”
“ආසියානු කුසලානයේදී ලකුණු පනහකට දැවීයාම සම්බන්ධයෙන් අපි කතා කළා. මම හිතුවා අපි එක ෆ්ලෂ් කරලා ඉවර කරලා කියලා. අපි කණ්ඩායමක් ලෙස ඒ ගැන කතා කළා. අපි ඒක ඔවුන්ගේ ඔලුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඒ ගැන නොසිතා ඉදිරි තරගවලට සහභාගි වීමේ වැදගත්කම අපි ඔවුන්ට අවධානය කරා. කිසි නමුත් එවැනි සිදුවීමක් විශ්වාසයට බලපෑ හැකි බව මම හිතනවා. මේ තරගාවලියේදී මීට කලින් මේ වගේ පන්දුවට පහර දෙනවා දැකල තිබ්බෙ නෑ. ලෝක කුසලානයේදී මම මේ දුටු පළමු අවස්ථාවයි.”
“ඇත්ත වශයෙන්ම දක්ෂතා වල පරතරයක් තියෙනවා. ඒ නිසා අපට ලෝක කුසලාන තරඟයට පිවිසීමට පෙර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟවලට සහභාගී වීමට සිදු වුණා. මේ පරතරය අපි ප්රමුඛ පෙළේ කණ්ඩායම්වලට මුහුණ දුන් විට විශේෂයෙන්ම පැහැදිලි වුණා. ඊට අමතරව අපේ පිතිකරණ ලැයිස්තුවේ අඩුපාඩු කිහිපයක් තිබෙන බව මම විශ්වාස කරනවා. අපගේ ආරම්භක පිතිකරණයේ සුළු ගැටළු කිහිපයක් ඇති වූ අතර, අංක හය සහ අංක හත යන ස්ථාන වල කුඩා අඩුපාඩු කිහිපයක් ද අපි දැක්කා. මෙම ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට අප උත්සාහ කළ නමුත් අවාසනාවකට කුසල් ජනිත්ගෙන් හෝ දිමුත් කරුණාරත්නගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා අපට ලැබුණේ නෑ. පැතුම්, සදීර, කුසල් සහ චරිත් අසලංක වැනි අනෙකුත් ක්‍රීඩකයින් ලකුණු අතර හිටියා. කෙසේ වෙතත් අද තරගයේ දී කැපී පෙනුණු කරුණ නම් මුල් කඩුලු දෙක ඉක්මනින් දැවී යාමෙන් පසු අපේ මැදපෙළ පිතිකරුවන්ට නව පන්දුවට මුහුණ දීමට සිදු වීමත්, තවත් කඩුලු බිඳ වැටීම වලක්වා ගැනීමට නොහැකි වීමයි.”