අබුඩාබි T10 තරගාවලියට අපෙන් 7ක්

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් අත්දැකීමක් එක්කරමින් තෙවෙන වරටත් පැවැත්වෙන අබුඩාබි පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ අබුඩාබි නුවරදී පැවැත්වුනි...

කණ්ඩායම් 8ක් තරග වදින මෙම තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 14 සිට 25 දක්වා පැවැත්වීමට තරග සංවිධානයකයන් තීරණය කොට ඇත..

ඊයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙකු වෙන්දේසියට ලක්වූ අතර ඔවුන් වන්නේ දසුන් ශානක ,නිරෝෂන් දික්වැල්ල ,වනිදු හසරංග ද සිල්වා හා භානුක රාජපක්ෂ වේ.
මීට අමතරව ලසිත් මාලිංග , කුසල් ජනිත් පෙරේරා හා තිසර පෙරේරා මෙම තරගාවලියට සහභාගි වන අනෙකුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වේ..

ලසිත් මාලිංග , දසුන් ශානක ,වනිදු හසරංග – මරාතා ඇරේබියන්ස්

නිරෝෂන් දික්වැල්ල – ටීම් අබුඩාබි

තිසර පෙරේරා – බංග්ලා ටයිගර්ස්

භානුක රාජපක්ෂ – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්

කුසල් පෙරේරා – දිල්ලි බුල්ස්[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top