අබුඩාබි T10 ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ රාත්‍රියේ පැවැත්විණි. මෙවර අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ New York Strikers කණ්ඩායම සමගින් Decan Gladiators කණ්ඩායමයි. තරඟයේ කාසිය වාසිය දිනූ new york කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ.
ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර දහය අවසානයේදී කඩුලු පහක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 91 පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ඩ්ර රසෙල් පන්දු 18කදී හතරේ පහර හා හයේ පහර දෙක බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු තිහක්ද, ඩේවිඩ් වයිස් නොදැවී ලකුණු විස්සක් ද රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී නිව්යෝර්ක් කණ්ඩායම වෙනුවෙන් සුනිල් නරායන් ලකුණු හයකට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.
ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන නිව්යෝර්ක් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 7කදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට ට්‍රෙන්ට් බෝල්ට් හා නුවන් තුෂාර සමත් විය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 14ක් රැස්කළ අතර අසිෆ් අලි හා නායක කිරන් පොලාඩ් එක්ව නිව්යෝර්ක් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. අසිෆ් අලි පන්දු 25කදී හතරේ පහර 2 හා හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 48ක්ද කිරන් පොලාඩ් නොදැවී ලකුණු 22ක්ද රැස්කිරීමට සමත් විය. ඒ අනුව පන්දු 4ක් ඉතිරිව තිබියදී ශූරතාවය දිනාගැනීමට නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය.