අමතක කරන්න එපා ශ්‍රී ලංකාවත් ඉන්නවා කියලා – සුනිල් ගවස්කාර්

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලිය හෙට දිනයේදී එනම් අගෝස්තු 30 වැනිදා ආරම්භ වනුයේ පාකිස්තානය හා නේපාලය අතර තරගයෙනි.ඉන්පසු සැප්තැම්බර් 2 වැනිදා ප්රේක්ෂකයන් පුන පුනා බලා සිටින තරගයේදී ඉන්දියාව හා පාකිස්තානය මුණගැසෙන අතර එය තරගාවලියේ ඉන්දියාව ක්රීඩා කරන පළමු තරගයයි.

හිටපු ඉන්දීය නායක සුනිල් ගවස්කාර් තරඟාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්රකාශ කොට ඇත්තේ පසුගියවර ශූරතාවය ආරක්ෂා කර ගැනීමට ශ්රීලංකාවට හැකියාව ඇති බවත්ය. “ආසියානු කුසලානයේදී අපි කතා කරන්නේ ඉන්දියා-පාකිස්තාන තරගය පිළිබඳවයි. නමුත් අමතක කරන්න එපා ශ්රී ලංකාවත් ඉන්නවා. ඒ වගේම ඔවුන් ආසියානු කුසලානය දිනල තියෙනවා. මේ රටවල් තුන අතර තරඟකාරිත්වය හැම විටම විශේෂයි.”

ශ්රී ලංකාව ආසියානු කුසලාන ශූරතාව හය වතාවක් දිනා ඇති අතර ඉන්දියාවට පසු දෙවන වැඩිම ශූරතාව දිනා ඇත්තේ ලංකාවයි. ඔවුන් මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්යයේ පැවති ආසියානු කුසලාන තරඟාවලිය ජයගැනීමට සමත් වූයේ ඉන්දියාව සහ පකිස්ථානය යන කණ්ඩායම් දෙකම මවිතයට පත් කරමිනි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top