අලුත් නායිකාවක් හා පුහුණුකාරිණියක් සමග දැල්පන්දු පිළ සිංගප්පූරු ජාතික කුසලානයට

[vc_row][vc_column][vc_column_text]

14 වන වරට පැවැත්වෙන සිංගප්පූරු ජාතික කුසලාන ආරාධිත දැල්පන්දු තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 22 වනදා සිට 28 දක්වා සිංගප්පූරුවේ OCBA Arena ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගී වන අතර ඊට ශ්‍රී ලංකාව, කැනඩාව, පැපුවා නිව් ගිනියාව, Cook island හා සිංගප්පූරු කණ්ඩායම් දෙකක් ඇතුළත්ය.

තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුලංගි වන්නිතිලකට පැවරී ඇත. ඇය අවසන් වරට දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය දරනු ලැබීය. දුලාන්ගි වන්නිතිලක කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.

කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙසින් හිටපු සහය පුහුණුකාරිණී P.D.N. ප්‍රසාදි පත්කොට ඇත. අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ද ඇතුළුව ක්‍රීඩිකාවක් පස් දෙනෙක්ගෙන් සමන්විත සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යොමු කොට ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය වෙනුවෙන් එක් වන්නේ 2013 වසරෙන් පසුව වීම මෙහිදී සුවිශේෂීය.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම
දුලංගි වන්නිතිලක (නායිකාව), ගයාංජලී අමරවංශ, ගයානි දිසානායක, සේමිණී අල්විස්, රශ්මි පෙරේරා, භාෂිනි ද සිල්වා, ඉමාෂා පෙරේරා, සුසීමා බණ්ඩාර, සචිනි රුද්‍රිගෝ, රුක්ෂලා හපුආරච්චි, හංෂිමා දිසානායක , චලනි නිෂා
අතිරේක
ශානිකා පෙරේරා, රශ්මි ඔබේසේකර, ගයත්‍රි කෞෂල්‍යා[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top