අවසන් පන්දුවේ ජයග්‍රහණය දබුල්ල වයිකින් එල්පීඑල් ලකුණු ලැයිස්තුවේ ඉහළට යයි

[vc_row][vc_column][vc_column_text]ඊයේ දිනයේදී LPL තරඟාවලියේ තවත් තරඟයක් ලෙස දබුල්ල වයිකින් සහා ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟ වැදුණා. මේ තරඟය මෙම කණ්ඩායම් දෙක එකිනෙකට හමුවුණු දෙවන තරඟයයි. එම තරගයෙන් දබුල්ල වයිකින් 2020 ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) හි ඉහළම ස්ථානයට පත්වූ අතර ඔවුන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල කඩුලු 4 කින් පරාජය කළහ.

කාසියේ වාසිය දිනාගත් වයිකින් නායක දසුන් ශානක මුල් පන්දු යැවීමට තීරණය කළහ. සාර්ථක ආරම්භයක් ලබාගත් ග්ලැඩියේටර්ස් පිලේ ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක වේගවත් ලකුණු 46 ලබාගත් අතර ඔහුට අනිගි සහයක් දෙමින් නායක භානුක රාජපක්‍ෂ ලකුණු 31 පන්දු 18ක් තුල ලබාගත්හ.

දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ගේ පන්දු 2 කදී කඩුලු 2 ක් දවා ගැනීමත් සමග ග්ලැඩියේටර්ස් පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය ආඩාල විය. රමේෂ් මෙන්ඩිස් ඔහු තම පන්දුවාර ඕවර හතර ලකුණු 28 ක් පමණක් ලබා දී කඩුලු 2 ද බිද හෙළුව. අනෙක් පන්දු යවන්නන් ඉනිමේ අවසාන භාගයේදී ග්ලැඩියේටර්ස් ලකුණු 168 කට සීමා කිරීමට වගබලා ගත්හ.

නිරෝෂන් ඩික්වෙල්ලා (38) සහ ඇන්ජලෝ පෙරේරා (45) ගේ ප්‍රයෝජනවත් දායකත්වය වයිකින්ගේ ජයග්‍රහණය කරා ගෙන ගිය නමුත්, කඩුලු බිද වැටීමෙන් වයිකින්ට නව වීරයෙකු සොයා ගැනීමට සිදු වූ අතර ඔවුන්ගේ ඇෆ්ගනිස්ථාන තරුව වන සමියුල්ලා ෂින්වාරි, ඔහු පන්දු 20 කදී නොදැවී ලකුණු 46 * ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේය.

රමේෂ් මෙන්ඩිස් පන්දු 7 කදී නොදැවී ලකුණු 13 * ක් ලබා ගනිමින් ෂින්වාරිට හොඳ සහයක් ලබා දුන්නේය.දබුල්ල වයිකින් තරඟ 7 ක් ක්‍රීඩා කර ඇති අතර මේ වන විට ජයග්‍රහණ 5 ක් වාර්තා කර ඇති අතර ඔවුන්ගේ එකම පරාජය වන්නේ යාපනය ස්ටැලියන්ස් පිලට එරෙහිව වන අතර එක් තරඟයක් වර්ෂාව නිසා අත්හැර දැමුණි.

වයිකිං නායක දසුන් ශානක සහ සමිත පටෙල් පිළිවෙලින් සිය 100 හා 300 වැනි විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීම විශේෂ අවස්ථාවක් විය.

වයිකින් පළමු වටයේ අවසන් තරඟය සිකුරාදා (11) කොළම්බෝ කිංග්ස් සමග පැවැත්වීමට නියමතයි. කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයට සුදුසු කම් ලබා ඇති අතර වයිකින් පිල ඉදිරියෙන් සිටින අතර ඔවුන් එය රැක ගැනීමට බලාපොරොත්තු වේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top